Tuesday, April 28, 2015

හිරු නැගෙන්නට පළමුව














සදුත් නැති තරුත් හිඟ
කළුවරම රැ අහසේ
හෙට උදේ ආයෙමත්
නැවුම් හිරු නැගෙනු ඇත

අදුරු දුහුවිල්ල පිස
සිනා කවුළුද හැර
අලූත් කල යුතුය මුලූහිත
හිරු නැගෙන්නට පළමුව

උදැසන ලහිරු කැන්
සිනාසී පොලව වෙත
පුබුදුවයි නැවුම් මල්
ඔබේ හිත සරසන්න

බලාපොරොත්තුව















මමත් නොදැනම
හිතේ පිළිසිඳ
ඔබේ වදනින්
ගබ්සා වූ වගයි..

හෘද සාක්ෂිය



















මෘගයෙකු සේ
පසු පසින් ලූහුබඳින,
පෙම්වතෙකු සේ
ළඟ වැටි ඉකිබිඳින,
නොදරුවෙකු සේ
උස් හඬින් සිනාසෙන,
නොමියෙන එහෙත්
මැරී මැරී උපතක් ලබන

පමා වී ආ හවස



















අද රැ
අමාවක
අද තමයි ඒ දවස
හඳ ඔසප්වෙන
අහසට නේන

ඔය හඳ
ඒකී
හරි කේලම්කාරී 

අද එන්න
කවුරුත්ම නෑ
ඔත්තු බලන්න

ඔබ එන්න
හඳ නැතිව
පුරුදු පාලම උඩට
ගඟට උඩින්
ගැට ගහලා
ඒ පාලම
තවමත් ඇති

එදා අපි වෙන් වුණ දවසේ
ඇදපු රතු ගවුම
මතකද
තියේ නම් තවම ළඟ
ඒක ඇඳගෙන එන්න
තාම පුළුවන් ඇති
ඔයා මහත නෑ එච්චර

මං ගාව
තාම ඉන්නවා
ඔයා දුන් බූල් බල්ලා
ඌ ටිකක් කළු පාටයි
බූල් හැලූනට
ඇස් තාම එළියයි
(එක ඇහැක් හැලූණට)
ඔත්තු බලන්නට
ඌට පුළුවනි

ඉතින් අපි
වැතිරෙමු
මතකද
අපි අන්තිමට හමුවුණ දවස

ඔව්
අපි කතා නොකර ඉමු
එදත් අපි කතා කෙරුවා වැඩියි
ඊට පස්සේ උණත්
කොයි තරම්
දේවල් උනාද
වැඩියේ හොඳයි
අපි කතා නොකරම ඉමු

මොකද මේ
හිනා වෙන්නට බැරිද
මුණ රැළි වැටුනට
ඔය හිනාව ඉස්සරටත් වඩා  ලස්සනයි
මං කලින් කිව්වද ඒක


ඔයාට බය මේ තරු ගැනද
තරු කියයිද කේලම්
කමක් නෑ
අපි වෙඩි තියමු
තරු කැට ගානේ 
වෙඩි තියමු

අලූත් කුසුමන් තිබේ පිපෙන්නට ඉඩ දෙන්න



















යුද්දේ ඉවරයි කියලා  අපට පුලූවන්ද හිනැහෙන්න
සුව නොවූ කැළැල් ඇත අපට තව පිරිමැද ගන්න
අතීතය ලේ විලක් එහි දුර ගැඹුර කවුරුත් දන්න
යුද්දේ ඉවරයි කියලා  අපට පුලූවන්ද හිනැහෙන්න

අඳුරු අහුමුලූ තිබේ කළුවරට වඩා කලූ
එබෙන්නේ කවදාද ඒ පැත්තෙ මේ හිරු
මල් පිපුණු ඉසව්වට තුවක්කුව ඉවකෙරු
යුගය අවසන් විද නැවත වර සිතිය යුතූ

අලූත් කුසුමන් තිබේ පිපෙන්නට ඉඩ දෙන්න
මේ පොලව මත එපා කුහකකම් වපුරන්න
පිපෙන කල අලූත් මල්, මල් සුවඳ ඉවසන්න
ඉතින් පුළුවනි අපිට එක්ව හිනැහී ඉන්න

ඇරයුම




















උදැසන හිරු ආවේ
මල් කිණිති බෙදාගෙන
පිනි බින්දු පලසක්ම
අද උදෙත් මග දිගට

අදත් ඇදලා තිබ්බා
දේදුන්න ලස්සනට
ආකහේ උජාරුව
දිලිහුනා තනි නිලට

ගංගාවේ ගුමු ගොමුව
මා එක්ක කතාවට
ඔයත් ආවානම් තිබ්බ
කඩදාසි ඔරු හදන්නට

පරිගණකේ මුණතට
ගැලපෙන්න හදන්නට
පින්තුර තිබුන අද
මේ වටේ පිරෙන්නම

 හැමදාම පාලමට
වෙලා සුසුමන් ගැන්න
වෙලාවට මට හිතුනේ
ඔබත් එක්කන් එන්න

සයිබරෙන් ඈත ගිය
ඔබේ ඔය ඇස් දෙකට
මේ ලෝකේ අරුම බව
පෙන්නන්න හිතයි මට

ඔබ වියන වෙබ් දැලක
මකුළුවෙක් වී ඉන්න
මගේ හිත  අරන් දුර
ඉසව්වක ගෙනියන්න

ඉඩක් ලැබුනොත් දිනක
ගං තෙරට පැමිණෙන්න
මල් පිපිලා ඇති හොඳට
ඔබගේ මුව දැක ගන්න

හැඳිනීම
















අහන්නෙපා
ආයෙමත්
අදුනන්න
පුලූවන්ද කියාල මගෙන්
මං කොහොම
අදුනගන්නද
මට තාම
බැරි කොට
මේ මාව
අදුනා ගන්නට 

Monday, April 27, 2015

මඟුල් පෙළහර











නර කෙසක් නැගී ඇත තවත් සීයක් අතර
හම ඇදුනු රැලි මකා රකියි මේකප් පවුර
ඔසරියට වැසි ගතම ටිකක් විතරයි මහත
තිබේ වගවසගම් මටත් හැමටම වැඩිය

අලූත් ගම කපු නෝන ඊයෙ හවසත් ආවා
කදිම මනමාලයෙක් ගැනත් තොරතුරු කීවා
වතු පිටිද දේපලද සියළු තතු පැවසුවා
අම්මලා කැමති නම් මාත් කැමතියි කිවා

අප්පච්චි ලිව්වොතින් මේ ඉඩම මගේ නමට
බැංකු පොතෙනුත් තියේ ලස්ස දහයක් විතර
පොල් ඉඩම උරුමකම පැහැදිලිව මගේ නමට
මේ මුරෙත් කඩවන්න  ඕනේ පොල් ඉක්මනට

හිච්චි නංගිට මොටද මේ ඉඩම්වල වගක් 
ඒකී මගුලක ගියේ හිතුමනාපෙම මිසක්
කියන්නට  ඕනේ දෙන්නෙපා තව මොකුත්
මගේ නමට ලියන්නකෝ තියේනම් වැඩියමක්

කුඹුරු කෑල්ලම එක්ක ලොක්කාට දුන් නිසා
ආයේ මොකටැයි දෙන්නේ මේකේ කොටහත් බෙදා
පොඞ්ඩාට කසදෙන් බින්න ඉඩමක් නිසා
ඒකටත් මොනවාට ආයේ දෙනවද හොයා 

උයන්නට පිහන්නට මං හොදට දන්නවා
වියන්නට ගොතන්නට හැමදේම දන්නවා
ගෙදරදොර පිරිමැස්ම හොදට මට දැනෙනවා
ආයේ තව මොනවාද මගේ හිතම ගැහෙනවා

එනදාට ඔසරියක් ඇන්දොතින් හොඳ නේද
අලූත් පන්නේ නිසා සාරියට හිත යාද
ඩයි ටිකක් ඉලූවොතින් හිතට හරියයි නේද
ඉලත් තට්ටුව අරන් අදම මැද්දොත් මොකද

ගොළු මුහුද අසබඩ













මේ වෙරළ නිසසලය
රල ඇඩුවේ හඬ නැතුව
රාස්සිගේ ඉර උනත්
හිතට අරගෙන හොඳට

විඩාපත් සරුංගල්
ඉගිලෙන්නේ හොරට
රතු වලාවන් කියයි
දුකෙන් බව අද අහස

අඬන්නට බැරි තරම් හිත කීරි ගැහුනාද
දොඩන්නට කෙනෙක් ළඟ පාතවත්  නැතුවාද
සිතන්නට බෑ තාම මට නුඹේ හැරයාම
උණුහුම්ද මහ සයුරේ තුරුල්ලත් හැමදාම

ඊයේ රෑ කළුවර යාමේ මේ පැත්තේ ආවලූ
මහ මුහුද බලාගෙන නිහඬවම උන්නාලූ
නිහඬ ගමනක් එක්ක මුහුදටම ඇදුනාලූ
මහ රැල්ල ඔබ එක්ක යන්න මග රැක්කාලූ

හැමදාම පුරුද්දට රැල්ල දුවගෙන ආවාද
උබෙ හිතේ ගොඩ ගැලූව දුක ඊට දුන්නාද
හිතේ සැනසුම සොයා දුර යන්න හිතුවාද
මහ සයුර පීරන්න   පීනන්න   හිතුවාද

මේ වෙරල නිසසලය
ඉකිබිඳියි අද ?  අහස
ඉරත් ගිලූණා ඔන්න
ඔබේ තනි මකන්නට

Sunday, April 26, 2015

පැයකට විකුණු අතීතය


ඔහු :
රුවැත්තියේ හැඟෙනවා
හුරුපුරුදු බව ඔබේ
අඳුන්යට සැඟව ගිය
දෑසේ මතකය තියේ

ඇය
මිතුර, ඔබ වෙන් කරපු
පැයෙහි කාලය ගෙවේ
නොහඳුනමි මීට පෙර
මේ පැයෙහි මම ඔබේ

ඔහු :
ගමට පිපි රුවැති මල
මටද කිරුළක් වුණේ
කිමද ඔබ කිමද ඔබ
මෙවැනි තැන නැවතුනේ

ඇය
ඔබ කියන මේ වදන්
කිසිත් නැත තේරුනේ
හැඟෙනවාද හුරුබවක්
නැහැනේ මට වැටහුණේ

ඔහු :
කිරිල්ලිය සේ එදා
සැහැල්ලූවේ හිනැහුණේ
ඒ ඔබය අද මෙදා
කාසියට විකිණුනේ

ඇය
ඔබගේ ඔය බොරු මුසා
නතර කළහොත් අගේ
ඔබට අනවැසි නම් ඉන්න
අතන අර දොර තියේ

ඔහු :
රැයෙහි දුටු හීනයක
මතක සිතුවම් වගේ
ඔබට බෑ මතකයෙන්
සැඟවෙන්න සොදුරියේ

ඇය
අතීතයේ වල දැමූ
මතක යායක් තිබේ
ඔබ එපා නැඟිටින්න
මැරුණු මතකෙන් මගේ

ඔහු :
එපා ඔබ වැළපෙන්න
දෑසේ කඳුලක් නැගේ
ඔය දෑත මට දෙන්න
පෙරදී දිගු කල ලෙසේ

ඇය
සමනල් සිහින විසිරුණු
යුගය ඒකයි සොඳුරු
ඔබට ඈතයි මගේ
දිවිය සිහිනෙකි නපුරු

ඔහු :
සිතන්නට එපා අහිතක්
පිසින්නෙමි ඔබේ කඳුලූ
රකින්නෙමි මෙයින් මතු
ලෙසින් ඔබ මගේ දෙව්දු

ඇය
හැරෙන්නට බැහැ නැවත
පැමිණි මඟ කටුක වේ
රකින්නට දෙදරු ඇත
ම හිමි සඳ රෝහලේ

ඔහු :
ඉඩ දෙන්න අත දෙන්න
හැරෙන්නට රළු මාවතෙන්
පිය මනිමු මේ සැණින්
මවමු ලෝකය යළිත්

ගමෙන් ඇමතුමක් ඇවිත්

ඉතින් කොහොමද ඔයාට
කාලෙකින් දැක්කේ නෑ නම් තමයි
ඇයි මතක නැතුවද
ඇයි අනේ.................. මං සුජාතා
ඉස්කෝලේ එක පන්තියේ
අපි හිටියේ එක පේලියේ
අන්න්න හරි
 ඒ මං තමයි

ඔයා ඉස්කෝලෙන් ගියාටත් පස්සේ
හම්බුනේ නෑ කාලෙකින්
අවුරුදු දහයක්ද
දොළහක්ද
අමාරුවෙන් හොයා ගත්තේ නොම්බරේ 

ඔව් අනේ මං බැන්දා
අපේ පන්තියේ හිටපු බණ්ඩාරේ
මතක නැද්ද
අපේ පන්තියේ හිටපු
කළු කොට හාදයා

අන්න හරි
එයා තමයි සමස්ථ ලංකා ගියේ කථිකවලට
ඔයාට මතකයිද තාමත්
මං බැන්දේ බණ්ඩාරේ
හන්දියේ සුයිප් විකුණනවා
තාමත් ඉස්සර වගේමයි කට හඬ
ඉස්පිකරෙන් ඇහෙනකොට

ආ මොකද්ද
අපිත්තෙක්ක හිටපු රාණිද
ඔව් ඔව් එයා ඒ කාලෙත් නැට්ටුක්කාරිනේ
කාලයක් නැටුවා ඉස්ටෙජ්වලත්
බැන්දයින් පස්සේ නටන් නෑ
කෙල්ලෝ පුරුදු කරනවා ෂෝවලට
දැන් හරි ජයයි ඒකීට

අමරපාල..........
මට මතක නෑනේ එහෙම නමක්
අපේ පන්තියෙමද උන්නේ
සින්දු කිව්ව??
හරි හරි මට මතකයි
කුරුළු බැද්දේ අමරපාල
තාමත් විරිඳු ගහනවා වෙසක් තොරණට
මිනිහට හරි ජයයි වෙසක් කාලෙට

ඔයාට මතකද සුමනසේකර
ඇයි අනේ ඉහල ගමෙන් ආවේ ඉස්කෝලෙට
ඔව්ව්ව් ඔව්
අන්තිම පේලියේ උන්න සුමනේ තමයි
හඩු සුමනේ කිව්වේ අපි ඉස්සර
දැන් සුමනසේකර මන්ත්‍රී තුමා
බැන්දේ වලව්වේ ගෙදර කුමාරි
ඔව් ඔව් සෝමාරි කුමාරි තමා ළමයෝ
මොන පිස්සුද
ඔය ඉන්නේ හරි අපුරුවට
දැන් දෙන්න තකට තක

අනියම් පෙම











සුනිඳු සළු ඇතිරූ
සයනය අතැර
සමනළිය
ඇවිදින්
මකුළු දැල උඩට
පෙම් කරන්නට
මකුළුවෙකුට  

තම්බි කඬේ













යෙන්න යෙන්න ලොකු නෝනා
නරක නේ මෙව්ව
හොන්ද අලූත් බඩු
කිලෝ 5ක්ම දාන්නද හාල්
අඩු කරලා දාන්නම් ගාන

අයි අයියෝ පොඩි නෝනා
ඉන්දියාවෙන් ගෙනාපු ඔන්ද ෂබන්
ගෑවොත් ගෙදරම ෂුවදයි අප්පා
දාන්නද හේනම් කැට පහක්

අප්පේ ෂයිමන් මලයා
ෂා ෂා එන කාලෙකින්
අලූත්ම කරවල
මලයටත් අරගෙන තිබ්බ කුරියෙක්

ගාණ හත්ෂිය අටයි ෂත පනායි
හත් ෂියක් දෙන්න කුෂුමා අක්කා
අතේ පන්ෂියද
හේනම් පොතට දාන්නම්
බේරන්න පඩි ගත්තාම

කොල්ලෝ ඉෂ්කෝලේ මාත්තියගෙන් ආපන්
දානෙට බඩු ලිස්ට් එක
ගෙනත් දෙන්නද කියල ගෙදරට
කියාපන් අද දොලාට
කඬේ වහනවා හරියට

ගමේ සියළු හෙළ බොදු පාරිභෝගිකයන් ජාත්‍යාලයෙන් උදම්ව මුසල්මානු ව්‍යාපාර හෙලා දුටු හෙයින් තම්බි මුදලාලියා කඩය වසා ණය පොත රැගෙන ගමට ගියේය.

හෙළ සිරි ස්ටෝර්ස්

ත්‍රිකෝටි පාරිශුද්ධ බොදු සිංහල
එළවලූ
පලතුරු
හාල්
සීනි
පරිප්පු
සබන්
පියරු
විකිණීමට ඇත (ටිකක් පරණය)
ණයට ඉල්ලා
අමනාප නොවන්න

ක්ෂණයක මතකය















පින්න
හා එක්ව
මකුළු දැල්
මැවූ සුන්දර දසුන
නිමා විය එක් ක්ෂණයකින්

ගිල දමා චණ්ඩ හිරු
පිණි සියල්ල
එක කටකට

පිණි
නැති සොවට
මකුළු හුය
රළු සුළඟක් සමඟ
නොඑනා
ගමන් ගිහින්

පඩි හවස

රත් පැහැ අහස පෙන්වයි හිරුගේ බලය
සුළඟක් කියාදෙයි අවසන තව දිනක
සියතුනි බලා යනවද හවසට ගෙදර
හිමියන් පමා ඇයි අඳුරුයි අප ගෙදර

 ඕ.ටී. කරන්නට අද හවසත් වීද
බසයක් කැඞී තවෙකක් ගන්නට වීද
මිතුරෙක් මුණ ගැසී එන්නට හිතුවාද
තරහක් හිතේ තිබුණේවත් නෑ නේද

උදයේ ගෙයින් එලි බහිනා වෙලාවේ
දෙඩුවේ හරහටයි දැන් හිත කියාදේ
හිමියනි රිදුණාද හිත ඒ වෙලාවේ
හිත කලබලයි ඔබ කරනා පමාවේ

දරුවන් දඟ වැඩියි දැන් ඉස්සරටත් වැඩිය
ඉගෙනුම හොරයි උන්ගේ වැඩ තක්කඩිය
මගේ හිත සැලෙනවා  ඕනෙවටත් වැඩිය
එවිටයි තරහ ඉවසුම දැන් හරි අඩුය

අම්මා අපේ ලෙඩ වී සතියක් විතර
මට බැරි වුණා යන්නට තවමත් ගමට
නංගී දොස් කියයි දුරකතනයෙන් මට
දුක වැඩි මටයි ඔබටත් බෑ කියන්නට

මේ ගේ අයිති ඇති ඒ රුක්මන් සිල්වා
ඊයේ හවස්යාමේදී ගෙදරට ආවා
මෙවරත් පරක්කුයි ඌ වග පල කීවා
හිත කලබලයි ඒකයි ජරමර මේවා

කැමතිම කෑම කැමතිම ලෙස සැකසුවා
දරුවන් පවා පාරට ඇහැ යොමු වූවා
අදුරත් ඔන්න දැන් ටික ටික ගෙට ආවා
තාමත් පාලූ මග තොට හිත දොස් කිවා

ඈතින් ඈත එන්නේ කවුරුන්ද පුතේ
එන්නේ තාත්තාමද ඒ වගෙයි හැඬේ
දෑතින් බරට මලූ උස්සා එනවා පෙනේ
මුණේ හිනාවක් පිපිලා වගේ දැනේ

යන්නට ගිහින් පැත්තේ මාර්කට් හවස
සල්ලි කොහෙන් ලැබූනද මේ වියදමට
දෙයියනේ අද නේද පඩි ලැබෙනා දවස
පඩි නම්  ටිකක් පරක්කු වුවාට මොකද

අවුරුදු තහනම්

අවුරුද්ද
එපා එන්න
මේ පාරත්
අපේ ගෙදර

කොවුලාට කියනවද
මෙහෙ නැතුව
වෙන ගමකට යන බස් පාර

එරබදු මල්වලට
එපා පිපෙන්නට දෙන්න
රතු පාට හංගන්න

අප්පච්චි මිය ඇදුණේ
හතර අවුරුද්දකටත් කලින්
කුඹුරු කෑල්ල අස්සද්දන ගෙනාපු
මැහි තෙල් කුප්පියම අප්පච්චි ගිලල දාල

ගමේ උන් කිව්වට
අප්පච්චි රටටම ණයයි කියල
අප්පච්චි දහිරිය ගත්තේ මේ කුඹුර අස්සද්දන්න
කොල්ලන්ට උගන්නන්න, කෙල්ලව දීග දෙන්න

අප්පච්චිට මග  ඇරුන
ඒ හීන ගොඩ දාන්න
මුළු ගමේම
බලාපොරොත්තු එක්කහු කරන්
කැම්පස් ගිය
ලොකු අයියා
ගමට ආවේ
සුදු ඇදගෙන හිස් අතින්ම
සහෝදරයන්ගේ කර උඩින්

ගමෙන් යද්දී
අයියට උන්
එකම සහෝදරය මමයි
ඊට පස්සේ කොඩි අදින්න
තේ අල්ලන්න කතා පවත්තන්න
අයිය වෙනුවෙන් ටීවී එකේ
කෑ ගහන්න
සහෝදරයෝ බර ගානක්
මල ගෙදරට
ඇවිත් හිටියා

තුන් මාසය යන්න කලින්
උන් ඔක්කොම
අතුරුදහන්

අපේ අම්මට
හැදුනු ලෙඬේ
හොයා ගත්තේ ඊට පස්සේ
වකුගඩුවක් අක්‍රියයි

අම්ම එක්ක කිලිනික් ගිය
අපේ අක්ක
ඉස්පිරිතාලේ
උඩම තට්ටුවෙන් බිමට පැනලා

අම්මගේ ලෙඩ හොයා
ගත්තු දොස්තර මහත්තුරුන්ට
හොයා ගන්න බැරිම උනේ
අක්කට හැදුනු
ලෙඬේ විතරමයි

අක්කාගේ යට සායක්
ලොකු දොස්තර මහත්තයගේ
කාමරේදී හම්බ වෙලා

ඒ උනාට
ඒ කාමරේදීම
සිය දිවි නසා ගැනීම නිසා සිදු වූ මරණයක්
කියල අච්චුවෙන් සනාථ කළා

ඉතින්
අවුරුද්ද
මේ පාරත් මෙහෙ නෑවිත්
පිට පාරේම
ගමෙන් යන්න

චිත්‍රාවගේ ලියමන

හිරු මල එබිණ කවුලූවකින් මැඳුර    වෙත
මට සුපුරුදුයි හිරුගේ මේ ගමනේ     මග
සවසට සඳ කියයි අද ඔබ නේන     වග
මහ රෑ තමයි දවසේ දිග වැඩිම         පැය

මතකද ඔබට අප හමු වුණ       සැණකෙලිය
තරු මල් පිපිණ ඔබගේ        නෙත් සර හමුව
කුමරුනි ඔබේ දැකුමෙන් මගේ        මුව ගොලූව
ගැහුණා හඳවතම සසරෙහි       පැතු ලෙසට

සොයුරන් හත් දෙනාගේ රැකවල්      මැද්දෙන්
මල්සර එවන පණිවිඩ ලැබුණේ          දෑසින්
සුරා පිරුණු ඒ මහා සාදය          අස්සෙත්
සුරා නොලැබ මත් වුනි ඔබගේ         දැක්මෙන්

ඔබ පැමිණියා මා වෙත සිත බැදුණු          පෙමින්
සාදය පිරුණි උණුසුම් වැඩි හැඟුම්        වලින්
සීයක් පහන් එළිකළ ඒ සාද            බිමෙන්
අප සැඟවුණා රැදී දහසක් නෙත්        අතරින්

දිවියේ පළමුවර ආදරයේ රස             වින්ද
කුමරුනි ඔබයි මාගේ ගත සිත             වින්ද
රැය මිහිරිමයි ඔබ හා මා අත්             වින්ද
එතැනින් නිමා විය මා විදි සුව            නින්ද

ඉන් පසු ඔබම හැම සිහිනෙක වැඩ        සිටියා
සුරඟන කතා ගොතමින් මා ළඟ      උන්නා
ඉර හඳ දෙකට ඔබ සමකරමින්            මා හා
මා ඔබේ නමට සිත් ගත් කවි            පද ලීවා

සාදයේ මතක සැණකෙළියකි              හැමදාම
මා ලයේ උපන් කුමරිඳු එයි            නොවරදවාම
උයනේ ගමන් යනෙනා විට         නේක වර
බැලූයේ මහ මඟය ඔබ              එයිදෝ නිතර

මගේ අසනීපේ මට පෙර මව්         හැඳිනුවා
රජ වෙදදුරන් රහසින් ගෙට         කැඳවුවා
කුසයේ සිටින බිලිඳුගේ වග         තුග කීවා
හිමියන් කවුද කවුරුද ගැන         විමසුවා

මම පැවසීමි ඔබගේ තොරතුරු             දන්න
මව් සැරවුයේ ඔබ වේ බිරිඳක්             ඉන්න
මම නම් නොදන්නෙමි හිමියනි ඒ         බින්න
ඔබ මාගේමයි මගේ හඳේ මැදුරෙම         ඉන්න

 ඕකා හමු වුනොත් හිස අරගෙන         එන්න 
පිරිවර රට පුරා යැව්වා බෑ දැන්         බේරෙන්න
චිත්‍රා නැගණි මේ ඔබ අහගෙන             ඉන්න
මේ මැදුරේම කුටියෙම ඔබ පසු         වෙන්න

කියවන්නට වීමි මම මට             ඇහෙන්නට
හඬමි විටින් විට මට දුක             හිතෙන්නට
හීනෙන් දකිමි ඔබ එනවා             මගේ ගෙට
හිනැහෙමි එවිට මාළිඟ බිම             වැහෙන්නට

අප චිත්‍රා කුමාරි වී ඇත             උන්මාද
සිහියක් පතක්  හොදටම දැන්               නැති ගාන
ඇහුණා කීප දෙනෙකුම              කියනා වාද
ඒවා මුසා ඔබ නම් පිලි                  ගත්තාද

පිය රජු දුරක එක් ටැම් මැදුරක්                 කරවා
මා රැඳ වීය මුර කාවල් දැඩි                 කරලා
දොරඟුලූ  වැසී ඇත යදමින් සිර             කරලා
මෙහෙටත් එබේ සඳ සුපුරුදු දුක             කියලා