ඔහු :
රුවැත්තියේ හැඟෙනවා
හුරුපුරුදු බව ඔබේ
අඳුන්යට සැඟව ගිය
දෑසේ මතකය තියේ
ඇය
මිතුර, ඔබ වෙන් කරපු
පැයෙහි කාලය ගෙවේ
නොහඳුනමි මීට පෙර
මේ පැයෙහි මම ඔබේ
ඔහු :
ගමට පිපි රුවැති මල
මටද කිරුළක් වුණේ
කිමද ඔබ කිමද ඔබ
මෙවැනි තැන නැවතුනේ
ඇය
ඔබ කියන මේ වදන්
කිසිත් නැත තේරුනේ
හැඟෙනවාද හුරුබවක්
නැහැනේ මට වැටහුණේ
ඔහු :
කිරිල්ලිය සේ එදා
සැහැල්ලූවේ හිනැහුණේ
ඒ ඔබය අද මෙදා
කාසියට විකිණුනේ
ඇය
ඔබගේ ඔය බොරු මුසා
නතර කළහොත් අගේ
ඔබට අනවැසි නම් ඉන්න
අතන අර දොර තියේ
ඔහු :
රැයෙහි දුටු හීනයක
මතක සිතුවම් වගේ
ඔබට බෑ මතකයෙන්
සැඟවෙන්න සොදුරියේ
ඇය
අතීතයේ වල දැමූ
මතක යායක් තිබේ
ඔබ එපා නැඟිටින්න
මැරුණු මතකෙන් මගේ
ඔහු :
එපා ඔබ වැළපෙන්න
දෑසේ කඳුලක් නැගේ
ඔය දෑත මට දෙන්න
පෙරදී දිගු කල ලෙසේ
ඇය
සමනල් සිහින විසිරුණු
යුගය ඒකයි සොඳුරු
ඔබට ඈතයි මගේ
දිවිය සිහිනෙකි නපුරු
ඔහු :
සිතන්නට එපා අහිතක්
පිසින්නෙමි ඔබේ කඳුලූ
රකින්නෙමි මෙයින් මතු
ලෙසින් ඔබ මගේ දෙව්දු
ඇය
හැරෙන්නට බැහැ නැවත
පැමිණි මඟ කටුක වේ
රකින්නට දෙදරු ඇත
ම හිමි සඳ රෝහලේ
ඔහු :
ඉඩ දෙන්න අත දෙන්න
හැරෙන්නට රළු මාවතෙන්
පිය මනිමු මේ සැණින්
මවමු ලෝකය යළිත්
බොහොම සංවේදී මාතෘකාවක්....! බොහොම හොඳින් අකුරු වලට හරවලා නිර්මාණයක හංගලා.....!
ReplyDeleteදිගටම ලියන්න සුභ පැතුම්.....!