Tuesday, September 20, 2011

මල්සරාට














දුරක යන්නට යනවද?
මගේ හදවත ඇමිණී
ඔබේ හී සර අරන්,
මතකයද රැගෙන යනු
මගේ හදවතම හිල් කරන්,
පහුරු ගා
නිය අගින්
ඉතිරි වූ කඳුළු වැල්
හුරලා අර ගනින්,
යන්න ඉස්සර මගෙන්
උදුර ගත් මගේ කවි හිත
අයේ සැරයක් මට දියන්

Friday, September 16, 2011

ලොව වටා එතුණ විසල් නිල් වියන



ඇන්ටාටිකාවට ඉහල අහස නිරීක්ෂණය කරපු පරීක්ෂකයන් පිරිසකට වැදගත්යමක් දැනගන්නට ලැබුණා. ඒ 1985 අවුරුද්දේ .හොයාගත්ත දේ තමයි ඇන්ටාටිකාවට ඉහල අහසේ ඕසෝන් ස්ථරය පලුදු වෙලා කියන එක. ඇයි මෙහෙම වුනේ කියල හොයල බලන්නත් මේ කණ්ඩායම උනනන්දු වුණා. අවසානෙදි හොයා ගත්ත දේ තමයි මේ විදිහට ඕසෝන් වියන පලුදු වෙන්නේ අපේම වැරදි නිසා කියල.
නයිට්‍රික් ඔක්සයිඩ්, මීතේන, ක්ලොරෆ්ලොරෝ කාබන් වගේ දේවල් මේ නිල් වියන ටිකෙන් ටික ඉරල දානවා. අක්ෂි රෝග, චර්ම පිළිකා ඇති වෙන්නේ ඒ හිදැස් අතරින් නොපෙරී එන ඉර එළියට. මෙන්න මේ දේවල් තමා මේ කණ්ඩායම ඕසෝන් වියනේ සිදුරුවීම ගැන හොයාගත්තේ.
මුළු ලෝකයම කලබලවූණා මේ ආරංචියට. එකට එකතුවෙලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න තීරණය කළා. 1985 අවුරුද්දෙම වියානා නුවරට එකතුවෙලා මේ ගැන සකච්චා කළා. අන්තිමේදී සම්ම්පුතියකට එන්න පුළුවන් වුණා 1987 අද වගේ දවසකදී. මේ සම්මුතියට හැම රටක්ම වගේ අත්සන් තිබ්බා. මොකද මේ ගැටලුව සිමා මායිම් නොතකා හැම රටකටම දැනුණා. ක්ලෝරාෆ්ලෝරා වායුව නිෂ්පාදනය කරනඑක 50%කින් අඩු කරන්නත් පොරොන්දු වුණා. විකල්ප භාණ්ඩ භාවිතයට පුරුදු වුණා.
1994
දෙසැම්බර් මාසේ හා නවවැනිදා තමා ඉස්සෙල්ලම ලෝක ඕසෝන් දිනය ප්‍රකාශයට පත් කරේ.
මේ මහා පොළොවේ ඉඳන් කිලෝ මීටර් 15 ත් 55 ත් අතර තියන මේ සොදුරු ආවරණය තාමත් අපට ආරක්ෂා කරනවා. මේ සොබාදහම් දම්වැලේ මිනිසා කියන්නේ එකම එක පුරුකක් විතරයි කියන කාරණේ මතක්කර ගන්න මෙන්න මේ කාරණෙත් හොදටම ඇති.

Friday, September 2, 2011

දයාබර ඩාලියා,


කැකුළු මල් පොලවේ පිපෙන්නේ
උදා ලහිරුට පෙම් කරන්නට මිස
උපන් ගෙයි මැද හුස්ම තදකොට
පෙති විසුරුවා මිලිනවන්නට
නොවනබව මා කෙලෙස කියන්නද
අන්ධ, ගොළු වූ බිහිරි ලොවකට

අඳුරු ලෝකය කුරිරු දෑතින්
තලා පොඩිකර නුඹව විසිකොට
රුහිරු පිසදා පර්දා රෙද්දෙන්
සිතක් නැති සේ හිනාවෙන විට

කොහොම කියා දෙන්නද මම
පිපි හිනැහෙන පැතුම් විසි කොට
මිලින මලකගේ නොදුටු හඳ ගැස්ම
මල උපන් මහා පොලවවත් නොහදුනන