Thursday, March 10, 2011

නන්නාදුනන්නි


සදක් නැති රෑ යම
තරුත් හිග අහසක
සොයන්නී ඇ
සහන් තරු ලකුණක්
බොර පාට ගඟුලක
නිසංසල ඉවුරක
විදින්නි ඇ
සිහිල් දිය පහසක්
කවක් නැති දිවියක
දහක් පද නැතුවට
ගොතන්නි එක
සොදුරු කවි පදයක්
දොඩමාලු නගරෙක
කතාවන් නැතුවම
මවන්නී සුබ
සිහින දස දහසක්

Tuesday, March 1, 2011

වචනයක් කියන්නද?


දවසකට එක මුවකින් කොය් තරම් නම් වචන ගිලිහෙනවද? ඒ වචන අහන්න කව්රුන් හෝ ඉන්නවනම් කොය්තරම් දෙයක්ද? තනියම කියවනවට වඩා අපි කැමතිය් ඒ දේට. ඒත් අපි කියන වචන ඒ කියන පමාවෙන් ඒ අහන හිතවතාගේ හිත රිදවනවානම්. අපිට ඒ ගැන දෙතුන් පාරක් හිතන්න වෙනවා. වචන කියන කුරුල්ලෝ අත අරින පමාවෙන් ඉගිල්ලිලා තමන් කැමති කැමති තැන් වලට පියඹනවා. අපි හිතුවේ නැතුවට, අපි දන්නේ නැතුවට ඒ වචන හුගක් නපුරුකම් කරනවා.ඒ වචන ඊතල වගේ නම් ඒ වචන අහන්න වෙන කව්රුත් ඉදීවිද? එහෙම දාට අපි තනි වෙනවා. හුගක් කතාකරද්දී මොහොතක් හිතන්න. ඒ වචන ආයුධද කියල. වචන ආයුධ නෙමේ සුහද සිහිවටන කරගන්න අනිත් අයගේ හිත් වල. එතකොට ඒ සිහිවටන හැම දාම ඒ හිත් වල නතර වේවි.