Thursday, March 10, 2011

නන්නාදුනන්නි


සදක් නැති රෑ යම
තරුත් හිග අහසක
සොයන්නී ඇ
සහන් තරු ලකුණක්
බොර පාට ගඟුලක
නිසංසල ඉවුරක
විදින්නි ඇ
සිහිල් දිය පහසක්
කවක් නැති දිවියක
දහක් පද නැතුවට
ගොතන්නි එක
සොදුරු කවි පදයක්
දොඩමාලු නගරෙක
කතාවන් නැතුවම
මවන්නී සුබ
සිහින දස දහසක්

4 comments:

  1. මගේ නම හින්දද මන්දා.. හිත රැඳුණු ලස්සන කවි පෙළක්.. සුබ පැතුම් තව තවත් නිර්මාණ බිහිවෙන්නට සහෝ./සහෝදරී.. :)

    පුංචි යෝජනාවක්.. අකුරු ටිකක් ලොකු කලොත්... පහසුවක් වේවි කියවන හැමදෙනාටම.. :)

    ReplyDelete
  2. නන්නාදුනන්නී ඈ,
    නන්නාදුනන්නී.
    හිස් අහස දෙස බලන්,
    තරු ලකුණු සිතියමෙන්,
    සිදුමතින්,
    යාත්‍රා කරන්නී..
    නන්නාදුනන්නී ඈ,
    නන්නාදුනන්නී.
    පාෂාණිභූත නගරයක,
    ඝනීභූත නෙත් අතර,
    තෙතමනය සොයන්නී...
    මතු දිනෙක මගහැරෙන
    නොහඳුනන නෙත්වලට,
    කවි කුමුදු තරුවලින්,
    හිස් අහස පුරවමින්,
    මග ලකුණු තබන්නී...
    නන්නාදුනන්නී.

    ReplyDelete
  3. ස්තුතියි නංගියෝ

    ReplyDelete