Monday, March 11, 2013

ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.



පොඩි කාලේ ඉදලම මට පීනන්න පුළුවන්. හේතුව වුනේ අපේ ගෙට පහලින් කුඩා ඔය ගලා ගෙන යාම. ඒ නිසා කවදාවත් අපේ අම්මාට මාව නාවන්න කරදර වෙන්න ඕනේ වුනේ නෑ.එයාට කරදර වෙන්න වුනේ මාව වතුරෙන් ගොඩට ගන්න. පැය ගානක් වතුරේ නටද්දී මටයි මගේ යාළුවො සෙට් එකටයි කරන්න ඇති තරම් සෙල්ලම් තිබුනා. කොච්චර නෑවත් කිසි ලෙඩක් දුකක් තිබ්බේ නෑ.
මං මේ කතාව කිව්වේ ඔය ගැනවත් මගේ පිහිනීම ගැනවත් කියන්න නෙමේ. පහුගිය දවසක මං අපේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඉංගිරියේ පැත්තේ ට්‍රිප් එකක් ගියා. අපි නතර වුනේ ඒ පැත්තේ හෝටලේක. එකේ තිබුනා
 නියම පූල් එකක්. ඒක දැක්ක විතරයි වතුරට බහින්නේ නෑ කියල හිටපු මං අනිත් හැමෝටම කලින් වතුරට පැන්නා
කොහොම හරි එදා හිතේ හැටියට පිනුවා අවුරුදු ගානකට පස්සේ.
මං ඉතින් ගෙදර ඇවිත් හොයල බැලුවා ලග පාත ස්විමින් පූල් එකක් කොහෙද තියෙන්නේ කියල . වැඩේ පැවරුවේ අපේ චුටි මල්ලිට මිනිහත් ඉතින් කියපු පරක්කුවෙන් මට පූල් එකක් හොයල දුන්නා. ගේ ලග පාතම හොටෙල් එකක පූල් එකක්. මල්ලි වැඩි හොදටත් එක්කම ගණන් හිලවුත් අහගෙන ඇවිත් තිබුනා. බුදු අම්ම්මෝ...... ඒවායේ ගණන්. මට යකා නැග්ගා. හේතුව පූල් එකේ ගණන් නෙමේ.

කතාව කියන්න ආයෙත් යමුකෝ ගෙට පහල ඔය පැත්තට.
ඔයේ එක එක අය බෙදා ගත්ත මන්කඩවල් තිබුනා. අපේ මංකඩ, ඊට උඩහ බසුන්නේහෙගේ මංකඩ, නොනලගේ මංකඩ, මාස්ටර්ගේ මංකඩ, මැණිකෙලාගේ මංකඩ මේ විදිහට ඉරි ගහල බෙදා ගත්තේ නැති උනත් අපිටම කියල අපි සුහදව බෙදා ගත්තු මංකඩවල් තිබුණා.අපේ මන්කඩේ වතුර පුදුම සීතලක්. මොකද ඔයටම නැමිච්ච්ච මහා කුඹුක් ගස් දෙකක්ම අපේ මන්කඩේ තිබුනා. ඉස්කෝලේ ඇරිලා තද අව්වේ ගෙදර ගියාම පැය ගානක් ඔයේම ඉන්නේ අම්මල හොයන්න එනකම්. ඔයේ වරුනවා ඇති.
 කොහොමින් කොහොම හරි මේ ඔය මගේ ජිවිතේ කොටසක් වෙලා තිබුනා වගේම ගමේ මිනිස්සුන්ටත් උදව් උනා. කොච්චර උදව් උනත් මේ ඔය දැන් ඉන්න මිනිස්සුන්ට මතක කාලේදී එකම එක වතාවය් පිටාර ගලලා තියෙන්නේ. එකත් මම ඉපදෙන්න ඉස්සර.
කොහොමින් කොහොම හරි රටේ ප්‍රසිද්ද මංසන්දියක් ලග තිබ්බ අපේ ගම ටික ටික දියුණු උනා. කඳු කැපුනා, රබර් ගැලෙව්වා, ලොකු හෝටල් එහෙම ගජ රාමෙට පටන් ගත්ත. ඒ හෝටල් වල කුණු කානු සේරම ටික හැරෙව්වේ මේ ඔයට. ගම වගේම ඔයත් වෙනස්  උනා.ඒ වෙද්දී ජල සම්පදානේ වතුර ගමටත් ආවා. දැන් අපේ ගම දියුනුය්. අපේ ගෙදරටත් ජල සම්පදෙනෙන් වතුර ගත්තා. මං ඉස්කෝලේ ඇරිලා ඇවිත් ෂවර් එකෙන් නෑවා. හරකා බල්ලාගේ ඉදන් තමන්ගේ යාන වාහනත් ටැප් වතුර්න් මිනිස්සු හෝදවනවා. මුළු ගමටම ඔය අමතක උනා.
දැන් ආපහු පරණ කතාවටම යමු. අර මන් කලින් කියපු හෝටලෙත් තමන්ගේ කුණු වතර ලට්ට ලොට්ට සේරම හරවන්නේ ඔයට තමයි. ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.
මේවා හොද පාඩම් ඔය විනාශ වෙනකම්ම බලාගෙන උන්නු අපට.

4 comments:

  1. අැත්තටම අපට වෙලා තිබෙන්නේ නොමිලේ ලැබෙන දේ වල වටිනාකමක් නැතිවීමයි. අප සංවර්ධනය කියලා සිතා සිටින්නේ නොමිලේ ලබා ගන්න තිබෙන දේ මුදල් ගෙවලා ගන්න ඒකයි කියලා.ඒදා ක්‍රි.පූ. ගන්වල ඉදල අපේ හිටපු රජවරු මධ්‍ය කදුකරයත් තෙත් කලාපීය වනාන්තරත් දේවත්වයෙන් සලකලා රැකගත් නිසා තමයි 21 වන සියවසෙත් අපට ඒවා භුක්ති විදින්න ලැබිලා තියෙන්නෙ.තව අවුරුදු දාහකින් පමණ ලංකාවෙ උපදින ලමයෙකුට මොනවා ඉතිරි වෙලා තිබෙයි කියලා හිතන්න පුළුවන්ද?

    කාලීනව වැදගත් මාතෟකාවක් පිලිබද ඔබේ අදහස් වලට මගේන් තුති!

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි අදහස් වලට

      Delete
  2. අපි අපිවම විනාශ කරගන්නවා

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත අපිට අපි ගැනම ලජ්ජයි. ස්තුතිය් අදහස්වලට.

      Delete