Tuesday, March 1, 2011

වචනයක් කියන්නද?


දවසකට එක මුවකින් කොය් තරම් නම් වචන ගිලිහෙනවද? ඒ වචන අහන්න කව්රුන් හෝ ඉන්නවනම් කොය්තරම් දෙයක්ද? තනියම කියවනවට වඩා අපි කැමතිය් ඒ දේට. ඒත් අපි කියන වචන ඒ කියන පමාවෙන් ඒ අහන හිතවතාගේ හිත රිදවනවානම්. අපිට ඒ ගැන දෙතුන් පාරක් හිතන්න වෙනවා. වචන කියන කුරුල්ලෝ අත අරින පමාවෙන් ඉගිල්ලිලා තමන් කැමති කැමති තැන් වලට පියඹනවා. අපි හිතුවේ නැතුවට, අපි දන්නේ නැතුවට ඒ වචන හුගක් නපුරුකම් කරනවා.ඒ වචන ඊතල වගේ නම් ඒ වචන අහන්න වෙන කව්රුත් ඉදීවිද? එහෙම දාට අපි තනි වෙනවා. හුගක් කතාකරද්දී මොහොතක් හිතන්න. ඒ වචන ආයුධද කියල. වචන ආයුධ නෙමේ සුහද සිහිවටන කරගන්න අනිත් අයගේ හිත් වල. එතකොට ඒ සිහිවටන හැම දාම ඒ හිත් වල නතර වේවි.

No comments:

Post a Comment