Sunday, April 26, 2015

ගමෙන් ඇමතුමක් ඇවිත්

ඉතින් කොහොමද ඔයාට
කාලෙකින් දැක්කේ නෑ නම් තමයි
ඇයි මතක නැතුවද
ඇයි අනේ.................. මං සුජාතා
ඉස්කෝලේ එක පන්තියේ
අපි හිටියේ එක පේලියේ
අන්න්න හරි
 ඒ මං තමයි

ඔයා ඉස්කෝලෙන් ගියාටත් පස්සේ
හම්බුනේ නෑ කාලෙකින්
අවුරුදු දහයක්ද
දොළහක්ද
අමාරුවෙන් හොයා ගත්තේ නොම්බරේ 

ඔව් අනේ මං බැන්දා
අපේ පන්තියේ හිටපු බණ්ඩාරේ
මතක නැද්ද
අපේ පන්තියේ හිටපු
කළු කොට හාදයා

අන්න හරි
එයා තමයි සමස්ථ ලංකා ගියේ කථිකවලට
ඔයාට මතකයිද තාමත්
මං බැන්දේ බණ්ඩාරේ
හන්දියේ සුයිප් විකුණනවා
තාමත් ඉස්සර වගේමයි කට හඬ
ඉස්පිකරෙන් ඇහෙනකොට

ආ මොකද්ද
අපිත්තෙක්ක හිටපු රාණිද
ඔව් ඔව් එයා ඒ කාලෙත් නැට්ටුක්කාරිනේ
කාලයක් නැටුවා ඉස්ටෙජ්වලත්
බැන්දයින් පස්සේ නටන් නෑ
කෙල්ලෝ පුරුදු කරනවා ෂෝවලට
දැන් හරි ජයයි ඒකීට

අමරපාල..........
මට මතක නෑනේ එහෙම නමක්
අපේ පන්තියෙමද උන්නේ
සින්දු කිව්ව??
හරි හරි මට මතකයි
කුරුළු බැද්දේ අමරපාල
තාමත් විරිඳු ගහනවා වෙසක් තොරණට
මිනිහට හරි ජයයි වෙසක් කාලෙට

ඔයාට මතකද සුමනසේකර
ඇයි අනේ ඉහල ගමෙන් ආවේ ඉස්කෝලෙට
ඔව්ව්ව් ඔව්
අන්තිම පේලියේ උන්න සුමනේ තමයි
හඩු සුමනේ කිව්වේ අපි ඉස්සර
දැන් සුමනසේකර මන්ත්‍රී තුමා
බැන්දේ වලව්වේ ගෙදර කුමාරි
ඔව් ඔව් සෝමාරි කුමාරි තමා ළමයෝ
මොන පිස්සුද
ඔය ඉන්නේ හරි අපුරුවට
දැන් දෙන්න තකට තක

No comments:

Post a Comment