හිරු මල එබිණ කවුලූවකින් මැඳුර වෙත
මට සුපුරුදුයි හිරුගේ මේ ගමනේ මග
සවසට සඳ කියයි අද ඔබ නේන වග
මහ රෑ තමයි දවසේ දිග වැඩිම පැය
මතකද ඔබට අප හමු වුණ සැණකෙලිය
තරු මල් පිපිණ ඔබගේ නෙත් සර හමුව
කුමරුනි ඔබේ දැකුමෙන් මගේ මුව ගොලූව
ගැහුණා හඳවතම සසරෙහි පැතු ලෙසට
සොයුරන් හත් දෙනාගේ රැකවල් මැද්දෙන්
මල්සර එවන පණිවිඩ ලැබුණේ දෑසින්
සුරා පිරුණු ඒ මහා සාදය අස්සෙත්
සුරා නොලැබ මත් වුනි ඔබගේ දැක්මෙන්
ඔබ පැමිණියා මා වෙත සිත බැදුණු පෙමින්
සාදය පිරුණි උණුසුම් වැඩි හැඟුම් වලින්
සීයක් පහන් එළිකළ ඒ සාද බිමෙන්
අප සැඟවුණා රැදී දහසක් නෙත් අතරින්
දිවියේ පළමුවර ආදරයේ රස වින්ද
කුමරුනි ඔබයි මාගේ ගත සිත වින්ද
රැය මිහිරිමයි ඔබ හා මා අත් වින්ද
එතැනින් නිමා විය මා විදි සුව නින්ද
ඉන් පසු ඔබම හැම සිහිනෙක වැඩ සිටියා
සුරඟන කතා ගොතමින් මා ළඟ උන්නා
ඉර හඳ දෙකට ඔබ සමකරමින් මා හා
මා ඔබේ නමට සිත් ගත් කවි පද ලීවා
සාදයේ මතක සැණකෙළියකි හැමදාම
මා ලයේ උපන් කුමරිඳු එයි නොවරදවාම
උයනේ ගමන් යනෙනා විට නේක වර
බැලූයේ මහ මඟය ඔබ එයිදෝ නිතර
මගේ අසනීපේ මට පෙර මව් හැඳිනුවා
රජ වෙදදුරන් රහසින් ගෙට කැඳවුවා
කුසයේ සිටින බිලිඳුගේ වග තුග කීවා
හිමියන් කවුද කවුරුද ගැන විමසුවා
මම පැවසීමි ඔබගේ තොරතුරු දන්න
මව් සැරවුයේ ඔබ වේ බිරිඳක් ඉන්න
මම නම් නොදන්නෙමි හිමියනි ඒ බින්න
ඔබ මාගේමයි මගේ හඳේ මැදුරෙම ඉන්න
ඕකා හමු වුනොත් හිස අරගෙන එන්න
පිරිවර රට පුරා යැව්වා බෑ දැන් බේරෙන්න
චිත්‍රා නැගණි මේ ඔබ අහගෙන ඉන්න
මේ මැදුරේම කුටියෙම ඔබ පසු වෙන්න
කියවන්නට වීමි මම මට ඇහෙන්නට
හඬමි විටින් විට මට දුක හිතෙන්නට
හීනෙන් දකිමි ඔබ එනවා මගේ ගෙට
හිනැහෙමි එවිට මාළිඟ බිම වැහෙන්නට
අප චිත්‍රා කුමාරි වී ඇත උන්මාද
සිහියක් පතක් හොදටම දැන් නැති ගාන
ඇහුණා කීප දෙනෙකුම කියනා වාද
ඒවා මුසා ඔබ නම් පිලි ගත්තාද
පිය රජු දුරක එක් ටැම් මැදුරක් කරවා
මා රැඳ වීය මුර කාවල් දැඩි කරලා
දොරඟුලූ වැසී ඇත යදමින් සිර කරලා
මෙහෙටත් එබේ සඳ සුපුරුදු දුක කියලා
මට සුපුරුදුයි හිරුගේ මේ ගමනේ මග
සවසට සඳ කියයි අද ඔබ නේන වග
මහ රෑ තමයි දවසේ දිග වැඩිම පැය
මතකද ඔබට අප හමු වුණ සැණකෙලිය
තරු මල් පිපිණ ඔබගේ නෙත් සර හමුව
කුමරුනි ඔබේ දැකුමෙන් මගේ මුව ගොලූව
ගැහුණා හඳවතම සසරෙහි පැතු ලෙසට
සොයුරන් හත් දෙනාගේ රැකවල් මැද්දෙන්
මල්සර එවන පණිවිඩ ලැබුණේ දෑසින්
සුරා පිරුණු ඒ මහා සාදය අස්සෙත්
සුරා නොලැබ මත් වුනි ඔබගේ දැක්මෙන්
ඔබ පැමිණියා මා වෙත සිත බැදුණු පෙමින්
සාදය පිරුණි උණුසුම් වැඩි හැඟුම් වලින්
සීයක් පහන් එළිකළ ඒ සාද බිමෙන්
අප සැඟවුණා රැදී දහසක් නෙත් අතරින්
දිවියේ පළමුවර ආදරයේ රස වින්ද
කුමරුනි ඔබයි මාගේ ගත සිත වින්ද
රැය මිහිරිමයි ඔබ හා මා අත් වින්ද
එතැනින් නිමා විය මා විදි සුව නින්ද
ඉන් පසු ඔබම හැම සිහිනෙක වැඩ සිටියා
සුරඟන කතා ගොතමින් මා ළඟ උන්නා
ඉර හඳ දෙකට ඔබ සමකරමින් මා හා
මා ඔබේ නමට සිත් ගත් කවි පද ලීවා
සාදයේ මතක සැණකෙළියකි හැමදාම
මා ලයේ උපන් කුමරිඳු එයි නොවරදවාම
උයනේ ගමන් යනෙනා විට නේක වර
බැලූයේ මහ මඟය ඔබ එයිදෝ නිතර
මගේ අසනීපේ මට පෙර මව් හැඳිනුවා
රජ වෙදදුරන් රහසින් ගෙට කැඳවුවා
කුසයේ සිටින බිලිඳුගේ වග තුග කීවා
හිමියන් කවුද කවුරුද ගැන විමසුවා
මම පැවසීමි ඔබගේ තොරතුරු දන්න
මව් සැරවුයේ ඔබ වේ බිරිඳක් ඉන්න
මම නම් නොදන්නෙමි හිමියනි ඒ බින්න
ඔබ මාගේමයි මගේ හඳේ මැදුරෙම ඉන්න
ඕකා හමු වුනොත් හිස අරගෙන එන්න
පිරිවර රට පුරා යැව්වා බෑ දැන් බේරෙන්න
චිත්‍රා නැගණි මේ ඔබ අහගෙන ඉන්න
මේ මැදුරේම කුටියෙම ඔබ පසු වෙන්න
කියවන්නට වීමි මම මට ඇහෙන්නට
හඬමි විටින් විට මට දුක හිතෙන්නට
හීනෙන් දකිමි ඔබ එනවා මගේ ගෙට
හිනැහෙමි එවිට මාළිඟ බිම වැහෙන්නට
අප චිත්‍රා කුමාරි වී ඇත උන්මාද
සිහියක් පතක් හොදටම දැන් නැති ගාන
ඇහුණා කීප දෙනෙකුම කියනා වාද
ඒවා මුසා ඔබ නම් පිලි ගත්තාද
පිය රජු දුරක එක් ටැම් මැදුරක් කරවා
මා රැඳ වීය මුර කාවල් දැඩි කරලා
දොරඟුලූ වැසී ඇත යදමින් සිර කරලා
මෙහෙටත් එබේ සඳ සුපුරුදු දුක කියලා
No comments:
Post a Comment