Tuesday, April 28, 2015

ඇරයුම




















උදැසන හිරු ආවේ
මල් කිණිති බෙදාගෙන
පිනි බින්දු පලසක්ම
අද උදෙත් මග දිගට

අදත් ඇදලා තිබ්බා
දේදුන්න ලස්සනට
ආකහේ උජාරුව
දිලිහුනා තනි නිලට

ගංගාවේ ගුමු ගොමුව
මා එක්ක කතාවට
ඔයත් ආවානම් තිබ්බ
කඩදාසි ඔරු හදන්නට

පරිගණකේ මුණතට
ගැලපෙන්න හදන්නට
පින්තුර තිබුන අද
මේ වටේ පිරෙන්නම

 හැමදාම පාලමට
වෙලා සුසුමන් ගැන්න
වෙලාවට මට හිතුනේ
ඔබත් එක්කන් එන්න

සයිබරෙන් ඈත ගිය
ඔබේ ඔය ඇස් දෙකට
මේ ලෝකේ අරුම බව
පෙන්නන්න හිතයි මට

ඔබ වියන වෙබ් දැලක
මකුළුවෙක් වී ඉන්න
මගේ හිත  අරන් දුර
ඉසව්වක ගෙනියන්න

ඉඩක් ලැබුනොත් දිනක
ගං තෙරට පැමිණෙන්න
මල් පිපිලා ඇති හොඳට
ඔබගේ මුව දැක ගන්න

No comments:

Post a Comment