Monday, April 27, 2015

මඟුල් පෙළහර











නර කෙසක් නැගී ඇත තවත් සීයක් අතර
හම ඇදුනු රැලි මකා රකියි මේකප් පවුර
ඔසරියට වැසි ගතම ටිකක් විතරයි මහත
තිබේ වගවසගම් මටත් හැමටම වැඩිය

අලූත් ගම කපු නෝන ඊයෙ හවසත් ආවා
කදිම මනමාලයෙක් ගැනත් තොරතුරු කීවා
වතු පිටිද දේපලද සියළු තතු පැවසුවා
අම්මලා කැමති නම් මාත් කැමතියි කිවා

අප්පච්චි ලිව්වොතින් මේ ඉඩම මගේ නමට
බැංකු පොතෙනුත් තියේ ලස්ස දහයක් විතර
පොල් ඉඩම උරුමකම පැහැදිලිව මගේ නමට
මේ මුරෙත් කඩවන්න  ඕනේ පොල් ඉක්මනට

හිච්චි නංගිට මොටද මේ ඉඩම්වල වගක් 
ඒකී මගුලක ගියේ හිතුමනාපෙම මිසක්
කියන්නට  ඕනේ දෙන්නෙපා තව මොකුත්
මගේ නමට ලියන්නකෝ තියේනම් වැඩියමක්

කුඹුරු කෑල්ලම එක්ක ලොක්කාට දුන් නිසා
ආයේ මොකටැයි දෙන්නේ මේකේ කොටහත් බෙදා
පොඞ්ඩාට කසදෙන් බින්න ඉඩමක් නිසා
ඒකටත් මොනවාට ආයේ දෙනවද හොයා 

උයන්නට පිහන්නට මං හොදට දන්නවා
වියන්නට ගොතන්නට හැමදේම දන්නවා
ගෙදරදොර පිරිමැස්ම හොදට මට දැනෙනවා
ආයේ තව මොනවාද මගේ හිතම ගැහෙනවා

එනදාට ඔසරියක් ඇන්දොතින් හොඳ නේද
අලූත් පන්නේ නිසා සාරියට හිත යාද
ඩයි ටිකක් ඉලූවොතින් හිතට හරියයි නේද
ඉලත් තට්ටුව අරන් අදම මැද්දොත් මොකද

No comments:

Post a Comment