Tuesday, April 28, 2015

පමා වී ආ හවස



















අද රැ
අමාවක
අද තමයි ඒ දවස
හඳ ඔසප්වෙන
අහසට නේන

ඔය හඳ
ඒකී
හරි කේලම්කාරී 

අද එන්න
කවුරුත්ම නෑ
ඔත්තු බලන්න

ඔබ එන්න
හඳ නැතිව
පුරුදු පාලම උඩට
ගඟට උඩින්
ගැට ගහලා
ඒ පාලම
තවමත් ඇති

එදා අපි වෙන් වුණ දවසේ
ඇදපු රතු ගවුම
මතකද
තියේ නම් තවම ළඟ
ඒක ඇඳගෙන එන්න
තාම පුළුවන් ඇති
ඔයා මහත නෑ එච්චර

මං ගාව
තාම ඉන්නවා
ඔයා දුන් බූල් බල්ලා
ඌ ටිකක් කළු පාටයි
බූල් හැලූනට
ඇස් තාම එළියයි
(එක ඇහැක් හැලූණට)
ඔත්තු බලන්නට
ඌට පුළුවනි

ඉතින් අපි
වැතිරෙමු
මතකද
අපි අන්තිමට හමුවුණ දවස

ඔව්
අපි කතා නොකර ඉමු
එදත් අපි කතා කෙරුවා වැඩියි
ඊට පස්සේ උණත්
කොයි තරම්
දේවල් උනාද
වැඩියේ හොඳයි
අපි කතා නොකරම ඉමු

මොකද මේ
හිනා වෙන්නට බැරිද
මුණ රැළි වැටුනට
ඔය හිනාව ඉස්සරටත් වඩා  ලස්සනයි
මං කලින් කිව්වද ඒක


ඔයාට බය මේ තරු ගැනද
තරු කියයිද කේලම්
කමක් නෑ
අපි වෙඩි තියමු
තරු කැට ගානේ 
වෙඩි තියමු

No comments:

Post a Comment