ලොකු ටීච කියා දෙන්නේ අලුත් සිංදුවකි. හැමෝම ඇයව අනුකරණය කරමින් මහ සද්දෙට සිංදුව කියයි. තල්ලු කරන ළමයාට දැන් හරි සතුටුය. අද ගිහින් අම්මාට, තාත්තාට, බෝනික්කන්ට කියා දෙන්නට අලුත්ම අලුත් සිංදුවක් තිබේ. ඇය වටපිට බැලුවාය. ළඟම මිතුරිය සද්දෙට සිංදු කියමින් නටයි. මිතුරියගේ සතුටට වැඩි ආයුෂ නැත.
"ටීච… මේ තල්ලු කරන ළමයා මෙන්න මෙයාව තල්ලු කලා."
**
" ආ ඔය එන්නේ තල්ලු කරන ළමයාගේ අම්ම"
තල්ලු කරන ළමයාගේ අම්මාට නඩු ගොඩකි. ඒ අතරේ තඩිස්සි වුණ ඔලු ගෙඩි එක්ක ඇඬුම් මූණූ සාක්ෂි දෙති. ඔය ඔක්කොම අස්සේ ආඩම්බර හිනාවකින් එක පිම්මේ අම්මා ලඟට දුවගෙන එන්නේ ඇයයි. හිනා වෙන බෝම්බේ.

"මේ ඔයාගේ දුව නේද. එයාට සෙල්ලම් කරන්න එයාගේ වයසේ කවුරුත් නැද්ද. ඒක තමයි මේ. දුවගේ වයස තාම අවුරුදු තුනයිනේ තාම. එයාව කලින් මොන්ටිසෝරි එක්කන් ආව එක හොඳයි. දැන්නේ එයා එයාගේ වයසේ අයත් එක්ක සෙල්ලම් කරන්නේ"
"එයාට තේරෙන්නෙ නෑ. එයා වෙනකෙනෙක් රිදවනව කියල. එයා එයාගේ බෝනික්කෝ සෙල්ලමේදී බෝනික්කෝ එහා මෙහා කරන තාලෙට එයාගේ යාළුවොත් තල්ලු කරනවා"
තල්ලු කරන ළමයාගේ තල්ලු කරන සෙල්ලම මේ සාකච්චාවෙන් කිහිප දවසකට පසු නිමා විය.
ඒ සෙල්ලම එහෙම්මම නතර කළේ ඒ ආදරණීය ගුරුවරියන් තිදෙනාය. ඒ තිදෙනා උපායශීලී හා ඉවසිලි සහගත නොවුණේ නම් නිමා වන්නේ ඇගේ පාසල් ගමනය. එහෙත් වාසනාවට එය එසේ වුවේ නැත. ඇය සතුටින් වසර දෙකක්ම ළඳරු පාසල් ආවාය.
ඒ ගුරුවරියන් තිදෙනා කරදරයට පත් කල 'තල්ලු කරන ළමයා" මමය. එතැන් සිට බොහෝ ගුරුවරුන් ගුරුවරියන් මගේ ජීවිතය සාරවත් කිරීමට ගුරුහරුකම් ලබා දුනි. එහෙත් මූලික පදනම දැමූයේ මොන්ටිසෝරියේ ලොකු ටීච, පොඩි ටීච හා හීනී ටීචය.
අද මම විෂය ඒකකයක් ලෙස ළමා මනෝවිද්‍යාව හදාරමි. එහෙත් අනූව දශකයේ මුල් භාගයේ ගමක ළඳරු පාසලක ගුරුවරියන් සතුඒ නිසඟ වටහා ගැනීම අදටත් පුදුමය.

ඉතින් එතැන් සිට මේ දක්වා 'තල්ලු කරන ළමයා" කිසිවෙකු තල්ලු කර බිම නොදැමූ අතර කිසිවෙකුට තල්ලු කළ නොහැකි තරමට ශක්තිමත් විය. ඊට හේතුව එදා මෙදා තුර මුණ ගැසුණු ගුරු මා පියවරුන් ලබා දුන් පන්නරයමය.
පුංචි අදහසක් දෙන්න බැරිද ඒ වයසෙ ඒ වගේ ලමයෙකුට හිත නොතලා ඒ පුරුද්ද නවත්වගන්න පුලුවන් ක්‍රමයක් ගැන. තල්ලු කරන එක නෙමේ, අනිත් ලමයින්ට ගහන එක වගේ.
ReplyDeleteකවි කතන්දර හරහා වගේම තෑගි දීම අගය කිරීම් හරහාත් දරුවන්ට අවබෝධ කරල දෙන්න පුළුවන්. වැදගත්ම දේ දරුවාට සමීප වීම හා ඉවසීම.
Delete