Tuesday, June 16, 2015

මිතුරාට
















පිපෙන පිපෙන මල් සේරම කඩන් ගියා
දුකක් නොහිත මං තව මල් පුදා පියා
ඇකයේ ඉදුණු රස මුසු පළතුරක් පවා
වන සතුනටද පෙර නුඹ එය කඩන් ගියා

අසනිපෙකදී ගුණ වඩනා ඔසුවක් වී
මා තුටු වුනෙමි ඔබ දුටු  විට සුව වී
කුසගිනි විටෙක ගුණදෙන අහරක් දී
තුටු කෙරුවා ඔබට ළඟ මිතුරෙකු වී

ගේ වට සැදු වැට ඔබ හට සුරැකි ඉන්න
මා පිරිනැමුවේ අත පය එක එක ඉන්න
ඔබ ඇකයට අරන් මා සිසිලස දුන්න
බර වැඩි විද පොළවට උහුලා ඉන්න

නපුරු පොරෝ මා ඇඟ මත දඟ කරති
මහ කඹ අරන් වැරගෙන මා ඇඳ දමති
මා සේවය නිමද ඔබ දුන් කාලේ සකි
හද පිරි දුකින් මහ පොළවත් බදා ගමි

2 comments:

  1. බ්ලොගයට ආපු පළවෙනි දවස. ආසාවෙන් කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජේමිස් බණ්ඩා. ආයෙත් එන්න.

      Delete