
පිපෙන පිපෙන මල් සේරම කඩන් ගියා
දුකක් නොහිත මං තව මල් පුදා පියා
ඇකයේ ඉදුණු රස මුසු පළතුරක් පවා
වන සතුනටද පෙර නුඹ එය කඩන් ගියා
අසනිපෙකදී ගුණ වඩනා ඔසුවක් වී
මා තුටු වුනෙමි ඔබ දුටු විට සුව වී
කුසගිනි විටෙක ගුණදෙන අහරක් දී
තුටු කෙරුවා ඔබට ළඟ මිතුරෙකු වී
ගේ වට සැදු වැට ඔබ හට සුරැකි ඉන්න
මා පිරිනැමුවේ අත පය එක එක ඉන්න
ඔබ ඇකයට අරන් මා සිසිලස දුන්න
බර වැඩි විද පොළවට උහුලා ඉන්න
නපුරු පොරෝ මා ඇඟ මත දඟ කරති
මහ කඹ අරන් වැරගෙන මා ඇඳ දමති
මා සේවය නිමද ඔබ දුන් කාලේ සකි
හද පිරි දුකින් මහ පොළවත් බදා ගමි