Sunday, April 26, 2015
තම්බි කඬේ
යෙන්න යෙන්න ලොකු නෝනා
නරක නේ මෙව්ව
හොන්ද අලූත් බඩු
කිලෝ 5ක්ම දාන්නද හාල්
අඩු කරලා දාන්නම් ගාන
අයි අයියෝ පොඩි නෝනා
ඉන්දියාවෙන් ගෙනාපු ඔන්ද ෂබන්
ගෑවොත් ගෙදරම ෂුවදයි අප්පා
දාන්නද හේනම් කැට පහක්
අප්පේ ෂයිමන් මලයා
ෂා ෂා එන කාලෙකින්
අලූත්ම කරවල
මලයටත් අරගෙන තිබ්බ කුරියෙක්
ගාණ හත්ෂිය අටයි ෂත පනායි
හත් ෂියක් දෙන්න කුෂුමා අක්කා
අතේ පන්ෂියද
හේනම් පොතට දාන්නම්
බේරන්න පඩි ගත්තාම
කොල්ලෝ ඉෂ්කෝලේ මාත්තියගෙන් ආපන්
දානෙට බඩු ලිස්ට් එක
ගෙනත් දෙන්නද කියල ගෙදරට
කියාපන් අද දොලාට
කඬේ වහනවා හරියට
ගමේ සියළු හෙළ බොදු පාරිභෝගිකයන් ජාත්‍යාලයෙන් උදම්ව මුසල්මානු ව්‍යාපාර හෙලා දුටු හෙයින් තම්බි මුදලාලියා කඩය වසා ණය පොත රැගෙන ගමට ගියේය.
හෙළ සිරි ස්ටෝර්ස්
ත්‍රිකෝටි පාරිශුද්ධ බොදු සිංහල
එළවලූ
පලතුරු
හාල්
සීනි
පරිප්පු
සබන්
පියරු
විකිණීමට ඇත (ටිකක් පරණය)
ණයට ඉල්ලා
අමනාප නොවන්න
Subscribe to:
Post Comments (Atom)
//සබන්
ReplyDeleteපියුරු//
පියයුරු නේද හරි
මරු කවිය...
ReplyDeleteතේපැන් සාදයි තම්ම්බි කඩේ, තම්බිගෙ --ලේඅ අදාරේ//
ReplyDeleteස්තුතියි
ReplyDeleteහරියටම කිව්වා....... ඔන්න ඕකයි අපිට උනේ..........
ReplyDelete