Thursday, October 15, 2015

අහස් ගඟ, මම සහ ඔබ














සඳ නේන බව දැනම
අමාවක අහස වෙත
එබිමි මම
අකාලිත පිනි බිංදු
පුරෝගෙන අහස් ගඟ
ගලයි තව

පර නොවූ කුසුමන්














ගිලිහුණද
පරනොවුණ බව
කුසුම නැවතත් මතක් කර දුනි
පරණ නොවුන
සුවඳ බෙදමින්
















ඔබම ගැලවූ
මතක හැව ගෙන
ආදරේ යැයි
ඔතමි සියොලඟ

Tuesday, June 16, 2015

මිතුරාට
















පිපෙන පිපෙන මල් සේරම කඩන් ගියා
දුකක් නොහිත මං තව මල් පුදා පියා
ඇකයේ ඉදුණු රස මුසු පළතුරක් පවා
වන සතුනටද පෙර නුඹ එය කඩන් ගියා

අසනිපෙකදී ගුණ වඩනා ඔසුවක් වී
මා තුටු වුනෙමි ඔබ දුටු  විට සුව වී
කුසගිනි විටෙක ගුණදෙන අහරක් දී
තුටු කෙරුවා ඔබට ළඟ මිතුරෙකු වී

ගේ වට සැදු වැට ඔබ හට සුරැකි ඉන්න
මා පිරිනැමුවේ අත පය එක එක ඉන්න
ඔබ ඇකයට අරන් මා සිසිලස දුන්න
බර වැඩි විද පොළවට උහුලා ඉන්න

නපුරු පොරෝ මා ඇඟ මත දඟ කරති
මහ කඹ අරන් වැරගෙන මා ඇඳ දමති
මා සේවය නිමද ඔබ දුන් කාලේ සකි
හද පිරි දුකින් මහ පොළවත් බදා ගමි

Tuesday, April 28, 2015

හිරු නැගෙන්නට පළමුව














සදුත් නැති තරුත් හිඟ
කළුවරම රැ අහසේ
හෙට උදේ ආයෙමත්
නැවුම් හිරු නැගෙනු ඇත

අදුරු දුහුවිල්ල පිස
සිනා කවුළුද හැර
අලූත් කල යුතුය මුලූහිත
හිරු නැගෙන්නට පළමුව

උදැසන ලහිරු කැන්
සිනාසී පොලව වෙත
පුබුදුවයි නැවුම් මල්
ඔබේ හිත සරසන්න

බලාපොරොත්තුව















මමත් නොදැනම
හිතේ පිළිසිඳ
ඔබේ වදනින්
ගබ්සා වූ වගයි..

හෘද සාක්ෂිය



















මෘගයෙකු සේ
පසු පසින් ලූහුබඳින,
පෙම්වතෙකු සේ
ළඟ වැටි ඉකිබිඳින,
නොදරුවෙකු සේ
උස් හඬින් සිනාසෙන,
නොමියෙන එහෙත්
මැරී මැරී උපතක් ලබන