Tuesday, April 28, 2015

හිරු නැගෙන්නට පළමුව














සදුත් නැති තරුත් හිඟ
කළුවරම රැ අහසේ
හෙට උදේ ආයෙමත්
නැවුම් හිරු නැගෙනු ඇත

අදුරු දුහුවිල්ල පිස
සිනා කවුළුද හැර
අලූත් කල යුතුය මුලූහිත
හිරු නැගෙන්නට පළමුව

උදැසන ලහිරු කැන්
සිනාසී පොලව වෙත
පුබුදුවයි නැවුම් මල්
ඔබේ හිත සරසන්න

බලාපොරොත්තුව















මමත් නොදැනම
හිතේ පිළිසිඳ
ඔබේ වදනින්
ගබ්සා වූ වගයි..

හෘද සාක්ෂිය



















මෘගයෙකු සේ
පසු පසින් ලූහුබඳින,
පෙම්වතෙකු සේ
ළඟ වැටි ඉකිබිඳින,
නොදරුවෙකු සේ
උස් හඬින් සිනාසෙන,
නොමියෙන එහෙත්
මැරී මැරී උපතක් ලබන

පමා වී ආ හවස



















අද රැ
අමාවක
අද තමයි ඒ දවස
හඳ ඔසප්වෙන
අහසට නේන

ඔය හඳ
ඒකී
හරි කේලම්කාරී 

අද එන්න
කවුරුත්ම නෑ
ඔත්තු බලන්න

ඔබ එන්න
හඳ නැතිව
පුරුදු පාලම උඩට
ගඟට උඩින්
ගැට ගහලා
ඒ පාලම
තවමත් ඇති

එදා අපි වෙන් වුණ දවසේ
ඇදපු රතු ගවුම
මතකද
තියේ නම් තවම ළඟ
ඒක ඇඳගෙන එන්න
තාම පුළුවන් ඇති
ඔයා මහත නෑ එච්චර

මං ගාව
තාම ඉන්නවා
ඔයා දුන් බූල් බල්ලා
ඌ ටිකක් කළු පාටයි
බූල් හැලූනට
ඇස් තාම එළියයි
(එක ඇහැක් හැලූණට)
ඔත්තු බලන්නට
ඌට පුළුවනි

ඉතින් අපි
වැතිරෙමු
මතකද
අපි අන්තිමට හමුවුණ දවස

ඔව්
අපි කතා නොකර ඉමු
එදත් අපි කතා කෙරුවා වැඩියි
ඊට පස්සේ උණත්
කොයි තරම්
දේවල් උනාද
වැඩියේ හොඳයි
අපි කතා නොකරම ඉමු

මොකද මේ
හිනා වෙන්නට බැරිද
මුණ රැළි වැටුනට
ඔය හිනාව ඉස්සරටත් වඩා  ලස්සනයි
මං කලින් කිව්වද ඒක


ඔයාට බය මේ තරු ගැනද
තරු කියයිද කේලම්
කමක් නෑ
අපි වෙඩි තියමු
තරු කැට ගානේ 
වෙඩි තියමු

අලූත් කුසුමන් තිබේ පිපෙන්නට ඉඩ දෙන්න



















යුද්දේ ඉවරයි කියලා  අපට පුලූවන්ද හිනැහෙන්න
සුව නොවූ කැළැල් ඇත අපට තව පිරිමැද ගන්න
අතීතය ලේ විලක් එහි දුර ගැඹුර කවුරුත් දන්න
යුද්දේ ඉවරයි කියලා  අපට පුලූවන්ද හිනැහෙන්න

අඳුරු අහුමුලූ තිබේ කළුවරට වඩා කලූ
එබෙන්නේ කවදාද ඒ පැත්තෙ මේ හිරු
මල් පිපුණු ඉසව්වට තුවක්කුව ඉවකෙරු
යුගය අවසන් විද නැවත වර සිතිය යුතූ

අලූත් කුසුමන් තිබේ පිපෙන්නට ඉඩ දෙන්න
මේ පොලව මත එපා කුහකකම් වපුරන්න
පිපෙන කල අලූත් මල්, මල් සුවඳ ඉවසන්න
ඉතින් පුළුවනි අපිට එක්ව හිනැහී ඉන්න

ඇරයුම




















උදැසන හිරු ආවේ
මල් කිණිති බෙදාගෙන
පිනි බින්දු පලසක්ම
අද උදෙත් මග දිගට

අදත් ඇදලා තිබ්බා
දේදුන්න ලස්සනට
ආකහේ උජාරුව
දිලිහුනා තනි නිලට

ගංගාවේ ගුමු ගොමුව
මා එක්ක කතාවට
ඔයත් ආවානම් තිබ්බ
කඩදාසි ඔරු හදන්නට

පරිගණකේ මුණතට
ගැලපෙන්න හදන්නට
පින්තුර තිබුන අද
මේ වටේ පිරෙන්නම

 හැමදාම පාලමට
වෙලා සුසුමන් ගැන්න
වෙලාවට මට හිතුනේ
ඔබත් එක්කන් එන්න

සයිබරෙන් ඈත ගිය
ඔබේ ඔය ඇස් දෙකට
මේ ලෝකේ අරුම බව
පෙන්නන්න හිතයි මට

ඔබ වියන වෙබ් දැලක
මකුළුවෙක් වී ඉන්න
මගේ හිත  අරන් දුර
ඉසව්වක ගෙනියන්න

ඉඩක් ලැබුනොත් දිනක
ගං තෙරට පැමිණෙන්න
මල් පිපිලා ඇති හොඳට
ඔබගේ මුව දැක ගන්න

හැඳිනීම
















අහන්නෙපා
ආයෙමත්
අදුනන්න
පුලූවන්ද කියාල මගෙන්
මං කොහොම
අදුනගන්නද
මට තාම
බැරි කොට
මේ මාව
අදුනා ගන්නට