ඕන දෙයක් වෙන්න කියල කුඩා ඔයාටම මහා මතකයක් විසි කරපු මං කොළඹ ආවේ උඩු ගං බලා එයි කියල හිතපු මතකය ඇහැ නොගටෙන්ට.කාලයක් එක්ක අලුත් අලුත් දේවල් එක එක අත්දැකීම් ජීවිතේට පුරෝ ගත්තත් හිතේ පැත්තක මලකඩ අස්සේ නොදිරාම මතකයක් ඉතිරි නොවුනා නෙමේ. ඉදලා හිටලා ගමට එද්දී මුණ ගැහුණු ගහ කොළ අස්සෙත් අර මතකේ දළු දාල තිබුන කිව්වොත් ඔයත් පුදුම වෙයි.එත් එක එහෙම්මම තමයි. ගමෙන් යද්දිත් ඇදුමේ නෙමේ හිතේ ඇමිණිලා තිබ්බ තුත්තිරි කටු අස්සෙත් ඔය මතකෙම විස එක්ක තිබ්බ. තාමත් හිත අස්සේ ඒ කටු හිත අස්සේ ඇදුම් කනවා.
Thursday, July 17, 2014
...........මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න…
ඕන දෙයක් වෙන්න කියල කුඩා ඔයාටම මහා මතකයක් විසි කරපු මං කොළඹ ආවේ උඩු ගං බලා එයි කියල හිතපු මතකය ඇහැ නොගටෙන්ට.කාලයක් එක්ක අලුත් අලුත් දේවල් එක එක අත්දැකීම් ජීවිතේට පුරෝ ගත්තත් හිතේ පැත්තක මලකඩ අස්සේ නොදිරාම මතකයක් ඉතිරි නොවුනා නෙමේ. ඉදලා හිටලා ගමට එද්දී මුණ ගැහුණු ගහ කොළ අස්සෙත් අර මතකේ දළු දාල තිබුන කිව්වොත් ඔයත් පුදුම වෙයි.එත් එක එහෙම්මම තමයි. ගමෙන් යද්දිත් ඇදුමේ නෙමේ හිතේ ඇමිණිලා තිබ්බ තුත්තිරි කටු අස්සෙත් ඔය මතකෙම විස එක්ක තිබ්බ. තාමත් හිත අස්සේ ඒ කටු හිත අස්සේ ඇදුම් කනවා.
Monday, April 8, 2013
මට කොහෙද මගේ වුන අහසක්
අහස නිල් පාට දිග වියනක්
සිහින ඇතිරූ ගඟුලක්
දුර යන්න දුර ඈත තිබුනත්
නිල් පාට දිග අහක්
මට කොහෙද මගේ වුන අහසක්
වලාකුළු තරමටත් ලොකු
පියපතටත් බර අඩු
හීන ඔස්සේ පිය සලනා
හරිම හිස් හදවතක්
මට කොහෙද එහෙම හිස් හදවතක්
කඳුළු වැහි වටෙන්නැති
මන්දාරමක් දැක නැති
සිහින විතරක් පිපෙන
විසල් මහා පොළවක්
කොහෙන් මම හොයන්නද එහෙම මහ පොළවක්
Monday, March 11, 2013
ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.
පොඩි කාලේ ඉදලම මට පීනන්න පුළුවන්. හේතුව වුනේ අපේ ගෙට පහලින් කුඩා ඔය ගලා ගෙන යාම. ඒ නිසා කවදාවත් අපේ අම්මාට මාව නාවන්න කරදර වෙන්න ඕනේ වුනේ නෑ.එයාට කරදර වෙන්න වුනේ මාව වතුරෙන් ගොඩට ගන්න. පැය ගානක් වතුරේ නටද්දී මටයි මගේ යාළුවො සෙට් එකටයි කරන්න ඇති තරම් සෙල්ලම් තිබුනා. කොච්චර නෑවත් කිසි ලෙඩක් දුකක් තිබ්බේ නෑ.
මං මේ කතාව කිව්වේ ඔය ගැනවත් මගේ පිහිනීම ගැනවත් කියන්න නෙමේ. පහුගිය දවසක මං අපේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඉංගිරියේ පැත්තේ ට්‍රිප් එකක් ගියා. අපි නතර වුනේ ඒ පැත්තේ හෝටලේක. එකේ තිබුනා
නියම පූල් එකක්. ඒක දැක්ක විතරයි වතුරට බහින්නේ නෑ කියල හිටපු මං අනිත් හැමෝටම කලින් වතුරට පැන්නා
කොහොම හරි එදා හිතේ හැටියට පිනුවා අවුරුදු ගානකට පස්සේ.
මං ඉතින් ගෙදර ඇවිත් හොයල බැලුවා ලග පාත ස්විමින් පූල් එකක් කොහෙද තියෙන්නේ කියල . වැඩේ පැවරුවේ අපේ චුටි මල්ලිට මිනිහත් ඉතින් කියපු පරක්කුවෙන් මට පූල් එකක් හොයල දුන්නා. ගේ ලග පාතම හොටෙල් එකක පූල් එකක්. මල්ලි වැඩි හොදටත් එක්කම ගණන් හිලවුත් අහගෙන ඇවිත් තිබුනා. බුදු අම්ම්මෝ...... ඒවායේ ගණන්. මට යකා නැග්ගා. හේතුව පූල් එකේ ගණන් නෙමේ.
කතාව කියන්න ආයෙත් යමුකෝ ගෙට පහල ඔය පැත්තට.
ඔයේ එක එක අය බෙදා ගත්ත මන්කඩවල් තිබුනා. අපේ මංකඩ, ඊට උඩහ බසුන්නේහෙගේ මංකඩ, නොනලගේ මංකඩ, මාස්ටර්ගේ මංකඩ, මැණිකෙලාගේ මංකඩ මේ විදිහට ඉරි ගහල බෙදා ගත්තේ නැති උනත් අපිටම කියල අපි සුහදව බෙදා ගත්තු මංකඩවල් තිබුණා.අපේ මන්කඩේ වතුර පුදුම සීතලක්. මොකද ඔයටම නැමිච්ච්ච මහා කුඹුක් ගස් දෙකක්ම අපේ මන්කඩේ තිබුනා. ඉස්කෝලේ ඇරිලා තද අව්වේ ගෙදර ගියාම පැය ගානක් ඔයේම ඉන්නේ අම්මල හොයන්න එනකම්. ඔයේ වරුනවා ඇති.
කොහොමින් කොහොම හරි මේ ඔය මගේ ජිවිතේ කොටසක් වෙලා තිබුනා වගේම ගමේ මිනිස්සුන්ටත් උදව් උනා. කොච්චර උදව් උනත් මේ ඔය දැන් ඉන්න මිනිස්සුන්ට මතක කාලේදී එකම එක වතාවය් පිටාර ගලලා තියෙන්නේ. එකත් මම ඉපදෙන්න ඉස්සර.
කොහොමින් කොහොම හරි රටේ ප්‍රසිද්ද මංසන්දියක් ලග තිබ්බ අපේ ගම ටික ටික දියුණු උනා. කඳු කැපුනා, රබර් ගැලෙව්වා, ලොකු හෝටල් එහෙම ගජ රාමෙට පටන් ගත්ත. ඒ හෝටල් වල කුණු කානු සේරම ටික හැරෙව්වේ මේ ඔයට. ගම වගේම ඔයත් වෙනස් උනා.ඒ වෙද්දී ජල සම්පදානේ වතුර ගමටත් ආවා. දැන් අපේ ගම දියුනුය්. අපේ ගෙදරටත් ජල සම්පදෙනෙන් වතුර ගත්තා. මං ඉස්කෝලේ ඇරිලා ඇවිත් ෂවර් එකෙන් නෑවා. හරකා බල්ලාගේ ඉදන් තමන්ගේ යාන වාහනත් ටැප් වතුර්න් මිනිස්සු හෝදවනවා. මුළු ගමටම ඔය අමතක උනා.
දැන් ආපහු පරණ කතාවටම යමු. අර මන් කලින් කියපු හෝටලෙත් තමන්ගේ කුණු වතර ලට්ට ලොට්ට සේරම හරවන්නේ ඔයට තමයි. ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.
මේවා හොද පාඩම් ඔය විනාශ වෙනකම්ම බලාගෙන උන්නු අපට.
Thursday, January 3, 2013
සුබ පැතුම් වෙනුවට
කඳුල පමණක් ඉතිරි කර
නික්ම ගිය ඔබට
සුබ පැතුම් මා
කවුරු අත එවන්නද
සුබ උපන් දින වෙනුවට
පතන්නම් මම නිවන් සුව
අම්මා තව කඳුලෙන්
මල්ලි තව තනියෙන්
තාත්තට උහුලන්න බ මේ තරම් සුසුමන්
සුබ උපන් දින වෙනුවට
පතන්නම් මම නිවන් සුව
නිවන් දකිනට පෙර
තවත් එක භවයක
එන්න අපේ ගෙදරට
මල්ලි වී මාගේම
Monday, December 26, 2011
Wednesday, October 26, 2011
නිරුත්තර පැණයක්
සුදු පාට පුරුදු මුදුවක්
හොරෙන් එලියට ඇදෙනවා
මගේ දුක සැප අහනවා
ඉඳහිට තෙමන
කදුලු බිඳුවක
පුරුඳු සිතල විදිනවා
හැමදාම වගෙ මම
පුරුදු ප්‍රශ්නයක් අහනවා
මේ මුදුව හඳපු
ඒ අත් දෙකට බැරි වුනේ ඇයි
මගේ හිතට කදුලක
බර හුරු කරන්න
මුද්ද වාගේම කඳුළුවලට
නොපෙඟි ඉන්න
Tuesday, October 25, 2011
සඳ හොරෙන් එබී
කාලෙකට ඉස්සර දවසක
මටත් නොකියම
වෙනම අහසක
වෙනම ලෝකෙක
පායන වග දැනන් උන්නා
"අපිට දැන් පුතෙක් ඉන්නවා
ලස්සන
මාස තුන හමාරක
පුංචි පුතෙක් ඉන්නවා"
නොහිතු මොහතක
ඇගේ මුණු පොතේ
බිත්තියේ දැක්ක
පුන් සඳක් නොවුනට
අඳුරු මගේ අහසේම
අහිංසක පොඩි තාරකාවක්
සඳා තනියට ඉන්නවා
"අපි ලඟදි බඳිනවා"
Subscribe to:
Posts (Atom)