සියවරක් ඉකි බිද
සෙවූ සිනහව
මිතුරු වෙනකොට
ඔබම දුර හිඳ
කඳුල අයෙත්
මගේ දෝතට
එවන ලස්සන
Monday, December 26, 2011
Wednesday, October 26, 2011
නිරුත්තර පැණයක්
සුදු පාට පුරුදු මුදුවක්
හොරෙන් එලියට ඇදෙනවා
මගේ දුක සැප අහනවා
ඉඳහිට තෙමන
කදුලු බිඳුවක
පුරුඳු සිතල විදිනවා
හැමදාම වගෙ මම
පුරුදු ප්රශ්නයක් අහනවා
මේ මුදුව හඳපු
ඒ අත් දෙකට බැරි වුනේ ඇයි
මගේ හිතට කදුලක
බර හුරු කරන්න
මුද්ද වාගේම කඳුළුවලට
නොපෙඟි ඉන්න
Tuesday, October 25, 2011
සඳ හොරෙන් එබී
කාලෙකට ඉස්සර දවසක
මටත් නොකියම
වෙනම අහසක
වෙනම ලෝකෙක
පායන වග දැනන් උන්නා
"අපිට දැන් පුතෙක් ඉන්නවා
ලස්සන
මාස තුන හමාරක
පුංචි පුතෙක් ඉන්නවා"
නොහිතු මොහතක
ඇගේ මුණු පොතේ
බිත්තියේ දැක්ක
පුන් සඳක් නොවුනට
අඳුරු මගේ අහසේම
අහිංසක පොඩි තාරකාවක්
සඳා තනියට ඉන්නවා
"අපි ලඟදි බඳිනවා"
Monday, October 3, 2011
පුරවැසියා සහ රට කජු වැල
පවුලේ සමගියට ගරු කරපු පුරවැසියා උදේ පාන්දර වැස්සිවත් දක්කගෙන පාරට බැස්සේය.
ඒ එනකොට රට ඉදන් ආපු රොබට් අයියා මුලච්චි වුණා. ‘‘ආ මිස්ට පුරවැසියා, කොහෙද මේ බෑරක්ද?’’ පුරවැසියා විස්තරේ කීවා. ‘‘ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉන්නවද?’’ රොබට් ගොයියා ඇහුවා. ‘‘අපේ රට ආසියාවේ ඵෙශ්චර්යය වෙන්නනේ යන්නේ එතකම් අපි ඉවසනවා’’ රොබට් අයියාට ලංකාව ගැන ආස හිතුණා. මේ ලංකාවේ කවදාවත් මානව හිමිකම් කඩවෙන්නේ නෑ. මෙහෙ උන් බඩගින්නේ මලත් රටට දොසක් කියන්නේ නෑ. මිනිහාට ආපහු ඇමරිකාවට යන්නත් හිතුනේ නෑ. මොනවා උනත් මිනිහට පුරවැසියා ගැන දුක හිතුණා. එයා වැස්සිව ඉල්ලාගෙන පීනට් ඇට ටිකක් දුන්නා හප හප යන්න.
මළ කෙළියයි. මොනවා කරන්නද? කමක් නෑ ඇමෙරිකානු පීනට්ස්නේ පුරවැසියා හිත හදාගෙන ආපහු හැරුණා.
හැබැයි විස්තරේ අහපු හාමිනේට යකා නැග්ගා. දැන් ළමයින්ට කන්නයි බොන්නයි දෙන්නේ මෙනවද? හාමිනේ ඇගට ගොඩවුණා. කන්නයි බොන්නයි නම් ඔය පැකට් කරලා කඬේ තියෙන්නේ. පුරවැසියා හිතුවා විතරයි කීවේ නෑ. හාමිනේ පීනට් ඇට ටික වත්ත පහළට විසි කරා. හාමිනේගේ කෑගැහිල්ල අහගෙන ඉන්න බැරි තැන පුරවැසියත් ගියා වත්ත පහළට.
අර විසිකරපු ඇටවලින් මහ උස රට කජු වැලක් හැදිලා තිබුණා. පුරවැසියා හිතන්නේ බලන්නේ නැතුව උඩටම නැංගා. දැන් පුරවැසියා වලාකුඵවලිනුත් උඩ. පුරවැසියා දැක්කා ලොකූ මාළිගාවක් වලාකුඵ අතර. පුරවැසියා ගියා ඒක ඇතුළටම. කොක්ක කෝ...ක් කෝ...ක් ගාන සද්දේ හැමතැනම. තව පැත්තකින් ඇහෙනවා හරක් උම්බෑ... කියලා කෑගහන සද්දයක්.
හත්වලාමයි පාට පාට කුකුළෝ. අඬේ මං ඇවිත් තියෙන්නේ කුකුල් කොටුවකටද? පුරවැසියා ළග හිටපු කිකිළියක් ළගට ගිහිං පොඩි ටෝකක් දැම්මා. ‘‘නංගි මේ කොහෙද?’’ ‘‘මෙ මෙ මේ දු දු දුටු ගැමුණුතුමාගේ මාළිගාවනේ අයියේ ’’ දුටු ගැමුණුතුමා? ‘‘ඔහ් ඔහ් ඔව් අයියේ. එ එ ඒ උත්තමයා තමා අපිව බේරගත්තේ.’’ එතකොට තමයි පුරවැසියා පින් පොතක් පෙරළ පෙරළ ඉන්න මෑන්ව දැක්කේ.
‘‘අඩෝ මේ අපේ පුරා මල්ලිනේ.’’
එතකොට තමයි පුරවැසියා දුටු ගැමුණුතුමාව අදුනගත්තේ.
මේ අපේ පුරවැසි සම්බන්ධන්ධතා නිළධාරිතුමානේ’’ ‘‘නෑඩෝ මං දැන් කුකුල් හා ගව සම්බන්ධතා තුමානේ. මං කාලි අම්මට තියා මෙලෝ යකෙක්ට බය නෑ. අද ඉදන් මගේ ඒරියා එකේ එකෙකුටවත් හරක් මස් කන්න බෑ.’’
‘‘සුපර් මාර්කට් එකෙන් කන අයටත් බැරිද තුමෝ?’’ ඒ පාර ඇහුනේ නෑ වගේ තුමා කුකුළන්ට බා බා ගානවා. නුවන් මල්ලි සීනි නැති තේ එකක් හදාන ආවා. ‘‘ තුමාට දියවැඩියාවවත්ද?’’ පුරවැසියා ඇහුවා. ‘‘මෙවුන් මේ හොර සීනි විකුණනවනේ බං’’ ‘‘ඉතින් ඉතින්?’’ ‘‘මං ඒවා සේරම විනාශ කළා. දැන් මට තේ එකක් බොන්න සීනි නෑ’’
‘‘තුමෝ පොඩි ඔත්තුවක් තියේ.’’ පුරවැසියා රහසින් කීවා. ‘‘මොකද්ද බං’’ ‘‘තුමාලගේ පැත්තේ තවත් පොඩි හොර කේස් එකක් තියේ’’ දැන් තුමා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ‘‘ඒකත් සීනි වගේ දෙයක්’’ ‘‘දැන් පුරෝ තෝ මට කියනවද නැද්ද?’’ නුවන් මල්ලිත් ළ`ගට කිට්ටු වුණා. ‘‘මේ කු_ඩු’’ පුරවැසියට එච්චරයි කියන්න ලැබුනේ දෙන්නම උන් තැන්වලින් නැගිට්ටා. ‘‘ඒවා අපි බලා ගන්නම්. තමුසේ නැහෙන්න එපා.’’ දෙන්නම එකපාර කීවා. පුරවැසියා සද්ද නැතුව හීන් සැරේ ගෙදර එන්න පටන් ගත්තා.
Tuesday, September 20, 2011
මල්සරාට
දුරක යන්නට යනවද?
මගේ හදවත ඇමිණී
ඔබේ හී සර අරන්,
මතකයද රැගෙන යනු
මගේ හදවතම හිල් කරන්,
පහුරු ගා
නිය අගින්
ඉතිරි වූ කඳුළු වැල්
හුරලා අර ගනින්,
යන්න ඉස්සර මගෙන්
උදුර ගත් මගේ කවි හිත
අයේ සැරයක් මට දියන්
Friday, September 16, 2011
ලොව වටා එතුණ විසල් නිල් වියන
ඇන්ටාටිකාවට ඉහල අහස නිරීක්ෂණය කරපු පරීක්ෂකයන් පිරිසකට වැදගත්යමක් දැනගන්නට ලැබුණා. ඒ 1985 අවුරුද්දේ .හොයාගත්ත දේ තමයි ඇන්ටාටිකාවට ඉහල අහසේ ඕසෝන් ස්ථරය පලුදු වෙලා කියන එක. ඇයි මෙහෙම වුනේ කියල හොයල බලන්නත් මේ කණ්ඩායම උනනන්දු වුණා. අවසානෙදි හොයා ගත්ත දේ තමයි මේ විදිහට ඕසෝන් වියන පලුදු වෙන්නේ අපේම වැරදි නිසා කියල.
නයිට්රික් ඔක්සයිඩ්, මීතේන, ක්ලොරෆ්ලොරෝ කාබන් වගේ දේවල් මේ නිල් වියන ටිකෙන් ටික ඉරල දානවා. අක්ෂි රෝග, චර්ම පිළිකා ඇති වෙන්නේ ඒ හිදැස් අතරින් නොපෙරී එන ඉර එළියට. මෙන්න මේ දේවල් තමා මේ කණ්ඩායම ඕසෝන් වියනේ සිදුරුවීම ගැන හොයාගත්තේ.
නයිට්රික් ඔක්සයිඩ්, මීතේන, ක්ලොරෆ්ලොරෝ කාබන් වගේ දේවල් මේ නිල් වියන ටිකෙන් ටික ඉරල දානවා. අක්ෂි රෝග, චර්ම පිළිකා ඇති වෙන්නේ ඒ හිදැස් අතරින් නොපෙරී එන ඉර එළියට. මෙන්න මේ දේවල් තමා මේ කණ්ඩායම ඕසෝන් වියනේ සිදුරුවීම ගැන හොයාගත්තේ.
මුළු ලෝකයම කලබලවූණා මේ ආරංචියට. එකට එකතුවෙලා මේ ප්රශ්නයට විසඳුම් හොයන්න තීරණය කළා. 1985 අවුරුද්දෙම වියානා නුවරට එකතුවෙලා මේ ගැන සකච්චා කළා. අන්තිමේදී සම්ම්පුතියකට එන්න පුළුවන් වුණා 1987 අද වගේ දවසකදී. මේ සම්මුතියට හැම රටක්ම වගේ අත්සන් තිබ්බා. මොකද මේ ගැටලුව සිමා මායිම් නොතකා හැම රටකටම දැනුණා. ක්ලෝරාෆ්ලෝරා වායුව නිෂ්පාදනය කරනඑක 50%කින් අඩු කරන්නත් පොරොන්දු වුණා. විකල්ප භාණ්ඩ භාවිතයට පුරුදු වුණා.
1994 දෙසැම්බර් මාසේ හා නවවැනිදා තමා ඉස්සෙල්ලම ලෝක ඕසෝන් දිනය ප්රකාශයට පත් කරේ.
මේ මහා පොළොවේ ඉඳන් කිලෝ මීටර් 15 ත් 55 ත් අතර තියන මේ සොදුරු ආවරණය තාමත් අපට ආරක්ෂා කරනවා. මේ සොබාදහම් දම්වැලේ මිනිසා කියන්නේ එකම එක පුරුකක් විතරයි කියන කාරණේ මතක්කර ගන්න මෙන්න මේ කාරණෙත් හොදටම ඇති.
1994 දෙසැම්බර් මාසේ හා නවවැනිදා තමා ඉස්සෙල්ලම ලෝක ඕසෝන් දිනය ප්රකාශයට පත් කරේ.
මේ මහා පොළොවේ ඉඳන් කිලෝ මීටර් 15 ත් 55 ත් අතර තියන මේ සොදුරු ආවරණය තාමත් අපට ආරක්ෂා කරනවා. මේ සොබාදහම් දම්වැලේ මිනිසා කියන්නේ එකම එක පුරුකක් විතරයි කියන කාරණේ මතක්කර ගන්න මෙන්න මේ කාරණෙත් හොදටම ඇති.
Friday, September 2, 2011
දයාබර ඩාලියා,
කැකුළු මල් පොලවේ පිපෙන්නේ
උදා ලහිරුට පෙම් කරන්නට මිස
උපන් ගෙයි මැද හුස්ම තදකොට
පෙති විසුරුවා මිලිනවන්නට
නොවනබව මා කෙලෙස කියන්නද
අන්ධ, ගොළු වූ බිහිරි ලොවකට
අඳුරු ලෝකය කුරිරු දෑතින්
තලා පොඩිකර නුඹව විසිකොට
රුහිරු පිසදා පර්දා රෙද්දෙන්
සිතක් නැති සේ හිනාවෙන විට
කොහොම කියා දෙන්නද මම
පිපි හිනැහෙන පැතුම් විසි කොට
මිලින මලකගේ නොදුටු හඳ ගැස්ම
මල උපන් මහා පොලවවත් නොහදුනන
උදා ලහිරුට පෙම් කරන්නට මිස
උපන් ගෙයි මැද හුස්ම තදකොට
පෙති විසුරුවා මිලිනවන්නට
නොවනබව මා කෙලෙස කියන්නද
අන්ධ, ගොළු වූ බිහිරි ලොවකට
අඳුරු ලෝකය කුරිරු දෑතින්
තලා පොඩිකර නුඹව විසිකොට
රුහිරු පිසදා පර්දා රෙද්දෙන්
සිතක් නැති සේ හිනාවෙන විට
කොහොම කියා දෙන්නද මම
පිපි හිනැහෙන පැතුම් විසි කොට
මිලින මලකගේ නොදුටු හඳ ගැස්ම
මල උපන් මහා පොලවවත් නොහදුනන
Subscribe to:
Posts (Atom)